2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

වටවල රොසැල්ල ප්‍රදේශයේ ළදු කැළෑ රක්ෂිතයක ඊයේ (08) දින රාත්‍රියේ හටගත් ගින්‌නෙන් එම රක්ෂිතයේ අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව වාර්තා වේ. 

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් , එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් පොදු සම්මුතියක අවශ්‍යතාවය යළි අවධාරණය කළේය.

වසරේ ගතවූ කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 178 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණිණිමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

 

ld add copy

Connet With Us