ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.

සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

2022 මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී තත්වයන් අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණු සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට එම අධිකරණය ඊයේ (04) තීරණය කර තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකාබැලීම සඳහා ජූලි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කළේය.

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. එච්. ප්‍රසන්න සංජීව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

ගිහියෙකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා තරුණ භික්ෂුවක් යක්කල පොලිස් ස්ථානය වෙත ඊයේ (04) පැමිණ බාර වූ සිදුවීමත් යක්කල පොලිසිය පවසා සිටිනවා.

අද (05) සිට ලබන 15 වන දා දක්වා දිවයිනට ඉහළින් සූර්යයා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ld add copy

Connet With Us