සතිපතා පැවැත්වෙන නිත්‍ය අමාත්‍ය මණ්ඩල හමුවට පසුව දේශපාලන කැබිනට්ටුව (political cabinet) නමින් තවත් අමාත්‍ය මණ්ඩල හමුවක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ආණ්ඩුවේ මෙම තීරණය පසුගිය සතියේ කැබිනට්ටුවේදි ප්‍රකාශ කර ඇත.

එළවළු මිල පහතට වැටි ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග අවධාරණය කර සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ (State for Management and Resources) නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේදී සිදු විය.

පෙබරවාරි 24 වැනිදා දකුණු පළාතේ රුසියානු ආපන ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ මතභේදාත්මක 'සුදු ජාතිකයින් පමණක්' තේමා කරගත් සාදයක් පුළුල් මහජන විරෝධයක් හේතුවෙන් එහි සංවිධායකයින් විසින් අවලංගු කර ඇත.

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම යළි ඉහළ යාමත් සමඟ වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශයේ බෙල් පෙපර් මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මියන්මාර්, මියවඩ් ප්‍රදේශයේ සිරගත කර සිටින ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

රිය අනතුරු අවම කර ගැනීම සඳහා ආයතන 54 කින් යෝජනා ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us