ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නීති රීති සකස් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව මෙම වසරේ (2024) ජුනි මාසය වන විට එම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ (SLAEB) සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පවසයි. ජාත්‍යන්තර සන්දර්භය තුළ ක්‍රියාත්මක වන අදාළ නීතිමය සහ නියාමන රාමු සැලකිල්ලට ගෙන මෙම කමිටු වාර්ථාව සැකසෙන බවත් පෙන්වා දෙයි.

"වෙරළ හා ධීවර  වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්" සැකසීමට රජය තීරණය කර තිබේ.

වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගාළු මුවදොර අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්ධය ලෙස විවේචනය කළ පුද්ගලයෙකුට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධූරය ලබාදීමට යාම පිළිබඳව දැඩි සේවක විරෝධතාවයක් මතු වෙමින් තිබේ.

ශ්‍රී ලංකාව හා වියට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා බොරැල්ල පොලිසියට නියෝග කරමින් දන්වා සිටියේය.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us