කාදිනල්තුමා පවරගත්තා යැයි චෝදනා එල්ල වූ ධීවර වරාය පාලනයට නව අධිකාරියක්
කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව පිටිපන ධීවර වරාය බලහත්කාරයෙන් පවරාගෙන ඇති බව ධීවරයින් පිරිසක් අද අගරදගුරු මන්දිරය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් සම්බන්ධයෙන් ඇතිව තිබු නොසන්සුන් තාවය මත මෙම ධීවර වරාය, ප්‍රදේශයේ ධීවර ජනතාවට එයින් උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි යම් අධිකාරියකට පවරා දෙන බව කොළඹ අගරදගුරු පදවිය අද සහතික විය.
ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19දා) නියම කළාය.
ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත්ව යන තවත් පිරිසකට ගුවන් ටිකට්පත් නිකුත් කරයි
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් ගුවන් ටිකට්පත් ලබාදුන් අතර, මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් තිබේ.
සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී තමන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින්න !
සිය සැමියාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට කිසිවකු විසින් අවසරයකින් තොරවඇතුළු වී එම ගිණුම් යළි ලබාදීමට රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස අවශ්‍ය බවට නාඳුනන පුද්ගලයකුගෙන් පණිවුඩ ලැබුණු බවට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබිණ.
අපේ රටේ දරුවන් මිලියන තුනකට ඍජුව හෝ වක්‍රව ආර්ථික අර්බුදය බලපා තිබෙනවා. - මහාචාර්ය මහීස්
පවතින ආර්ථික අර්බුදය හමුවේ පවුල තුළ තිබෙන මූලික සබඳතා අඩු වී සමාජය කඩා වැටීමකට ලක්ව ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්.ටී.එම්. මහීස් ප්‍රකාශ කළේය.
පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍ර ලේඛයක්
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය අප්‍රේල් මාසයේදී විවෘත වේ
එළැඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීමට නියමිතය. කොළඹ වරාය නගරයේ දැන් ඉදිරීම් අවසන් වෙමින් පවතින දකුණු ආසියාවේ ප්‍රථම නාගරික තීරු බදු රහිත (downtown duty-free store) සාප්පු සංකීර්ණය විවෘත වීම ඓතිහාසික ආර්ථික සන්ධිස්ථානයක් නිර්මාණය කරනු ඇත.
මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජපන් රජයෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්
ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී තිබෙනවා.