කඩුවෙල මහ නගර සභාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල තිදෙනකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානීමහාචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම මේ මස 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද (22) සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි. තුන්වැනි පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ පෙබරවාරි මස පළමු වැනිදා ය.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 9 වැනි දිනටත් පැවැත්වෙයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලබන ජනවාරි 15 වැනිදා විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබා දෙන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us