මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීම අද පස්වරුවේ
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
වෛද්‍යවරුන්ට දීපු දීමනා අපිටත් දෙන්න කියා හෙදියන් නිල ඇදුමෙන් ඉවත් වේ
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද කාර්ය මණ්ඩලය නිල ඇදුමෙන් ඉවත්ව සාමාන්‍ය ඇදුමෙන් සැරසී රාජකාරිවලට වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
පූර්ණ ශ්‍රවණාබාධිතයින්ට රියදුරු බලපත්‍ර ලබා දීමට කැබිනට් අනුමැතිය
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
තල්, කිතුල්,පොල් මදින හා ගෙඩි කඩන තැනැත්තන්ට වෘත්තිය නිපුණතා සහතිකයක්
තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර තිබේ.
කළහකාරී වුනොත් වැඩ වරදී - පුනරුත්ථාපන රැඳවියන්ට ඇමති විජයදාස අනතුරුඅගවයි
පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් මින් ඉදිරියට කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.
රාමසාන් වෙනුවෙන් මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ වරප්‍රසාද
රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.
එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.