ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් රටක් ලෙස සනාථ කරමින් ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්තයක් බවට යළිත් වරක් පත්ව ඇති බව වාර්තා වේ.

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන පරිත්‍යාග කරනු ලැබීය. ඒ ජල හා මුදවා ගැනීම් පරිශ්‍රයේ දී පැවති උත්සවයකදීය.

ජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත ගොස් ආකෘති පත්‍ර හෝ පෝරම (Forms) සම්පූර්ණ කර ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් විසඳුමක්, “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) නමින් හඳුන්වා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ ලෝක සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විශේෂ ජාත්‍යන්තර සමුළුව 2023 දෙසැම්බර් 06 වැන් දින පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1හීදී පැවැත්වීමට නියමිතය.

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අයගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.

මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකු පහර දී  පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීන්දු කළ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විත්තිකරුවන් දෙදෙනාටම මරණ දඬුවම නියම කළේය.

1981 අංක 15 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගයෙන් පසුව මැතිවරණය පැවැත්වීමට ගත වන කාලය පිළිබඳ දත්ත පාදක පැහැදිලි කිරීමක් පහතින් දැක්වේ.

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජ්‍යක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු යැයි තීන්දු කළ ග්‍රේෂ්ඨාධිකරණය තීරණයට අනුව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව ඉදිරියේදී වන්දි නඩු ගොනු කිරීමට ක්‍රියා කරන්නේ යැයි එහි ලේකම් මිලින්ද ප්‍රේමරත්න පැවසීය.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us