'ක්ලීන් ශ්‍රී ලංකා' ජනාධිපති කාර්ය සාධක බලකාය නම් කෙරේ
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ.
මෙරටට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.
අද වන විට රට තුළ පොල් සහ සහල් හිඟයක් ඇතිවී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර සිටිනවා.
අද (20) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් IMF රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නැහැ - රනිල්
විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මේ දිනවල ආනයනය කරන බහාලුම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම හේතුවෙන් කොළඹ වරායේ සහ රේගු අංගනවල තදබදයක් උද්ගතව ඇතැයි තොරතුරු අනාවරණය වේ.
අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි මස 31 හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.