මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ගත වූ මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් හත්ලක්ෂ අසු අටදහස් දෙසිය තිස්පස් දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවා තිබේ.
උපදෙස් නොතකන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට වැඩවරදින ලකුණු !
රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
ඉමියුනෝග්ලොබියුලින් එන්නත් කුප්පි නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අද (5) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත.
රු.මි. 450 ක් වැයකර ලෝකයේ පළමු වතාවට කන්ටේනර් පර්යන්තයක් ඇතුලේ ගබඩාවක් !
ලෝකයේ පළමු වතාවට කන්ටේනර් පර්යන්තයක් ඇතුළත ගබඩාවක් ඉදිකොට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යක්ෂමතාවය බාල්දු කිරීමට විෂයබාර ඇමතිවරයා වන නිමල් සිරිපාල ද සිල්වා සහ නාවික කර්මාන්තය ගැන මෙලොව හසරක් නොදන්නා එහි වත්මන් සභාපති ලෙස කටයුතු කරන කීත් බර්නාඩ් නමැති අයෙකු කටයුතු කොට ඇති බව වරායේ වෘත්තීය සමිති චෝදනා කරති.
මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා භාණ්ඩ හා උපකරණ වලට පමණක් වියදම් කොට ඇති මුදල රුපියල් මිලියන 450 ක් (උත්සව සභාවේදී එය මිලියන 400ක් පමණක් කියන ලෙස උපදෙස් දී ඇත.) වන අතර ශ්‍රම වියදම් ඇතුළු අනෙකුත් වියදම් සියල්ල සමග මිලියන නවසීයක් පමණක් වියදම් වී ඇති බව වාර්තා වේ.
මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉහල මහලේ පමණක් වැසිකිලි පහසුකම් ඇති අතර ඒ සඳහා ගමන් කළ හැක්කේ තරප්පු පෙලකින් පමණි.
වරායේ ඉංජිනේරුවන් විසින් ඇමතිවරයා, සභාපතිවරයා ඇතුළු පිරිසකගේ මනදොල පිනවීම සඳහා මෙම අපරාධය සිදුකළ බවට චෝදනා නැගෙයි.
මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම වරාය කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ පසුගියදා සිදුකෙරුණ අතර එහිදී උත්සව සභාව ඇමතු වරායේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු වන ශ්‍යාමාල් සුමනරත්න මෙම අක්රමිකතාවය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.
අදාල වීඩියෝව පහතින්...
අදානිගේ උපදේශකයෙක් හරහා වරාය අධ්යක්ෂ මණ්ඩලයට උපදෙස් !
මේ අතර මීට දින කිහිපයකට පෙර වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කළ ප්‍රේමචන්ද්‍ර නමැත්තකු අධ්යක්ෂ මණ්ඩලය වෙත කැඳවා නැගෙනහිර පර්යන්තයට ලබා ගත යුතු යන්ත්‍ර සූත්‍ර ගැන උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇත. සභාපති වරයා විසින් මෙලෙස ඔහුව රැගෙන එමින්, පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඉතා අඩු කාර්යක්ෂමතාවෙන් යුතු උපකරණ මිලදී ගැනීම සුදුසු බව යෝජනා කරගෙන ඇති නමුත් ඊට සභාගී වී සිටි වත්මන් කළමනාකාර අධ්යක්ෂ සහ මෙහෙයුම්බාර අධ්යක්ෂ ඇතුළු නිළධාරීන් බොහෝමයක් ඊට තරයේ විරුද්ධ වී ඇත.
එහෙත් විෂය ගැන කිසිඳු දැනුමක් නැති වත්මන් වරාය සභාපතිවරයා, ප්‍රේමචන්ද්‍ර සමග එකතු වී කියා ඇත්තේ ප්‍රේමචන්ද්‍රගේ නිර්දේශ වලට එකඟ නොවන්නේ නම් නැගෙනහිර පර්යන්තයේ මිළදී ගැනීම් වලට තමන් සහය නොවන බවයි. එහෙත් සභාපති වරයාගේ මෙම අදහස් අධ්යක්ෂ මණ්ඩලය විසින්ද ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ප්‍රේමචන්ද්‍ර නැමැත්තා ඉන්දීය ව්‍යාපාරික අදානී විසින් ඉදිකරන බටහිර පර්යන්තයේ උපදේශක වරයෙකු ලෙස කටයුතු කරන බවත් ඔහු නැගෙනහිර පර්යන්තයේ කාර්යක්ෂමතාවය බිඳ දැමීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇති බවත් ඇතැම් වෘත්තීය සමිති චෝදනා කරති.
එසේම එවැනි පුද්ගලයෙකු අධක්ෂක මණ්ඩලය හමුවට ගෙන එමෙන් සභාපති බර්නාර්ඩ් නැමැත්තා මුළුමනින්ම ආයතනයේ මූලික රෙගුලාසි, විශේෂයෙන් ලබැඳියාවන් අතර ගැටුම, අමු අමුවේ උල්ලඝණය කර ඇති බවටද ඔවුන් චෝදනා කරති.
වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු 50% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්‍රධානින් ප්‍රකාශ කර තිබේ.
රනිල් ගෙනයන වැඩපිළිවෙල දකුණු කොරියානු ජනාධිපතිගේ පැසසූමට!
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව සහාය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් (Yoon Suk Yeol) නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහතික වී තිබේ.
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.