අප්‍රිකානු කලාපයේ සිට පෙරදිග රටවලට යන නෞකාවන්ට අවශ්‍ය සේවාවන් කොළඹ වරායෙන් සපයා දී වැඩි විදේශ විනිමය ඉපයීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

සෑම පවුලකටම නිවසක් දීම අරමුණු කරගෙන ක්‍රියාවට නංවා ඇති ‘ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩසටහනේ ප්‍රතිලාභීන්ට ගෙවන ආධාර මුදල රුපියල් 650,000 දක්වා ඉහළ නැංවීමට රජය සැරසෙයි.

කොළඹ වරාය නගරයේ දී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි.

පල්ලියේ ගිහින් බෝම්බ තියලා තියෙනවා. දැන් කවුරුවත් කියන්නේ නෑ මහ මොළකරු හොයන්න කියලා. මේ මහ මොළකරු හොයන්න ඕනි. කවුද මේ බෝම්බ තිබ්බෙ, කවුද මේ පිටුපස ඉන්නේ කියලා. ඉදිරියේදී බලාගන්න පුළුවන් කවුද මේවට සම්බන්ධ කියලා... යැයි පසුගියදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.

මෙරට සියලුම කලාකරුවන් වෙනුවෙන් නොමිලේ ජීවිත රක්ෂණයක් ප්‍රදානය කිරීමට ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

2021 වසරේ දී විවිධ අභියෝග හමුවේ මෙරට තේ කර්මාන්තයේ වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී තේ නිෂ්පාදනය, අපනයනය මෙන්ම ආදායම්ද ඉහළ ගොස් ඇති බව තැරැව්කාර සමාගම් පෙන්වා දෙයි.

රාජගිරිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා යළි ඇරඹීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය.

ld add copy

Connet With Us