කොවිඩ් තෙවන රැල්ල මේ වන විට රට පුරා පැතිර යමින් පවතී. වරාය තුලද එම තත්වය බරපතල ලෙස වර්ධනය වී ඇත. එසේ තිබියදී රාජ්‍ය සේවය සාමාන්‍යකරණය කිරීමට රජය ගනු ලැබූ තීරණයට අනුව සියලූ වරාය සේවකයන්ද 2021.08.02 සිට සේවයට කැඳවා ඇත. එම තීරණය අනුව, වරාය තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතින බවත් එම තත්වය වහා වැලැක්වීමට මැදිහත් වන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය වරාය හා නාවික කටයුතු පිලිබඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
සෞඛ්‍ය අංශවලට කරන්න කිසි දෙයක් නෑ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර යමින් රෝගීන් වැඩිවීමේ ශීඝ්රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු ඇගවීය.
අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා දිවයින පුරා රෝහල් 600ක පමණ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමත් සමග මෙරට රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවන බවත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අවසර දී ඇත්තේ කාබනික පොහොර නිශ්පාදනයට අදාල රසායනික පොහොර වලට පමණලු !
රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය සඳහා ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත්, කාබනික පොහොර භාවිතයට ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සාර්ථකව සිදුවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යයනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුවේ නිගමනය ඉදිරිපත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යවරයා සමග ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව ඊයේ (03) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක බව ගුරු සංගම් ප්‍රකාශ කරයි.
රසායනික පොහොර සඳහා පනවා තිබු තහනම යම් සීමා කිරීම වලට යටත්ව ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. හදිස්සියෙම රසායනික පොහොර සහ අදාල වෙනත් රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට ගත් පියවර නිසා මෙරට කෘෂි ක්ෂේත්රයම කැළැඹීමට පත් වූ අතර ඊට එරෙහිව විශාල විරෝධයක්ද ගොවියන් තුළින් පැන නැගිනි.