සිරිසේන මොන අයිතියකටද ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් දෙන්නේ නෑ කියන්නේ ?
සිරිසේන ජනාධිපතිවරයා ඊයේ පැවැති ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයට සහය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීන් 21 දෙනාට ඇමැතිකම් දැරීමට ඉඩ නොදෙන බව පවසා ඇත. එහිදී මේ වන විටත් එජාප ආණ්ඩුවට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින විජිත් විජයමුණු සොයිසා, ඉන්දික බණ්ඩාරනායක පියසේන ගමගේ මනූෂ නානායක්කාර ඒ එච් එම් පවුසි සහ ලක්ෂ්මන් සෙනවිරත්නගේ නම් සඳහන් කරමින්ම ඔවුන්ට ඇමැතිකම් දීම තමන් අනුමත නොකරන බව පවසා ඇත.
එජාප ආණ්ඩුව ශක්තිමත් කිරීමේ 'සජිත් - මලික් - මංගල' මෙහෙයුම
ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතුව සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව එජාප ආණ්ඩුව පිහිටුවා එය ශක්තිමත් කිරීමේ මෙහෙයුමක්ද දියත් විය.
ජනාධිපති සිරිසේන වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා.
අන්ත අසරණ වී සිටින රාජපක්ෂගේ කල්ලිය අද දිනද පාර්ලිමේන්තුවේදි පරාජයට පත් විය. ඒ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් සිව් දෙනකු අද ආණ්ඩු පක්ෂයට එක් වීමත් සමගිනි. තවත් මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපයේදි ආණඩු පාර්ශ්වයට එක් වීමට නියමිතය.
අලුත් ආණ්ඩුවට අමරිකාවේ,යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සහය සහතික වෙයි !
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති - ඇලේනා ටෙප්ලිට්ස් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදි හා ව්‍යවස්ථානුකූල දේශපාලන වර්ධනය පිළිබඳ අමෙරිකාව සතුටු වෙන බව පවසනවා.
ප්රජාතන්ත්රවාදයේ ආදර්ශයක් - රනිල්ට කලාපීය නායකයන්ගෙන් සුබ පැතුම් !
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුභ පැතුම් එක් කරමින් ඉන්දියාව සිය අදහස් පළ කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදයට ලබා දුන් විසඳුම සියලු දේශපාලන අධිකාරීන්ගේ පරිණතභාවය පෙන්නුම් කරන බවයි.
සිරිසේන ජනාධිපතිවරයා ඊයේ (16) රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයා ලෙස පිළිගැනීම කරමින් පැවැත්තූ කතාව ගැන විවිධාකාර අදහස් පළ වෙමින් තිබේ. රනිල්ට හොඳ කණේ පාරක් ගැසුවාය රනිල්ගේ රෙදි ගැලෙව්වාය යනාදී වශයෙන් එය අගය කිරීමත් සිරිසේන අභූත චෝදනා නගමින් අන්දොනාවක් ප්‍රකාශයට පත් කළාය යනුවෙනුත් අදහස් පළවී තිබේ.
සිරිසේන ජනාධිපතිවරයා ජනවාරි 08 ජයග්‍රහණය පාවා දීමෙන් කළකිරීමට පත් ශ්‍රිලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙනම කණ්ඩායමක් ලෙස පසුගිය කාලයේ කටයුතු කළේය.