මින් පසු විවාහ මංගල්‍ය උත්සව සඳහා කොළඹ අරලියගහ මන්දිර පරිශ්‍රයේ ඇති විශාල උත්සව ශාලාව ලබා නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
සීගිරිය උඩවලයාගම ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තුවට අයත් අභය භූමියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පැමිණ යන්ත්‍ර සූත්‍ර දමා පාරක් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
රස්තියාදුකාර බේබදු හොරු රංචුවක් ආණ්ඩු පෙරලන්න හිතාගෙන කොළඹ රස්තියාදු ගැසූ පුවත අනාගතයේදී ජනශ්‍රැතියට එකතු වන විහිළු කතාවක් වනු ඇත. ඒත් ඛේදවාචකය නම්, කොළඹ වටලෑම මීහරක් රංචුවකගේ තප්පුලාලෑමක් බවට පත්ව රාජපක්ෂලා දේශපාලන වශයෙන් බංකොලොත් වීම සැප්තැම්බර් 05 වෙනිදා සනිටුහන් වීමයි. ජනප්‍රිය වීදි සටන් කරුවෙකුව සිටි මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය ඔහුගේ ඔටුන්න හිමි කුමාරයා විසින් කූජිත කර දැමීම සිදුවිය. නාමල් යළි තමන්ගේ ලඳ බොළඳ නොමේරූකම ප්‍රදර්ශනය කළේ දේශපාලනික තකතීරුවෙක් බව ඔප්පු කරමිනි.
මධූෂ්ගේ පියාගේ අවමඟුලට ගුවනින් මල් : මුදල් කොහෙන්දැයි පරීක්ෂණයක්
රිය අනතුරකින් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු ප්‍රභූවරයකුගේ අවමංගල්‍ය උත්සවයකට සමාන ආකාරයට සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් ඩුබායි සිට තම ඥාතීන්ට මුදල් එවන ලද ආකාරය සෙවීම සදහා ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා කලා ක්ෂේත්රය තුළ ගැටලු ගණනාවක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
අරලියගහ මන්දිරයේ පැවති ඇමති රාජිත පුත් චතුර සේනාරත්නගේ මංගල උත්සවයට පැමිණි විශාල පිරිස අමතා චතුර පැවැත්වූ කතාව මේ වනවිට සමාජ ජාල තුළ කථාබහට ලක්ව පවතී. පහත පළවන්නේ එම සම්පූර්ණ කතාවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට අරලියගහ මන්දිරියේ උත්සව ශාලාව විවාහ මංගල උත්සවය සඳහා ලබාදුන්නේ සම්මත ක්‍රමවේද යටතේ නියමිත අයකිරීම් අනුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
ගලහ රෝහලේ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි පැය 48ක් තුළ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.