කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා සූදානම් කළ යුතු බවත්, ඒ සඳහා මුද්‍රණ නිමාව හා ඇසුරුම්කරණය ඉතා වැදගත් වන බවත්, ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිත මුද්‍රණ හා ඇසුරුම් අපනයන මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් හොඳ ආදායමක් උපයාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහිතකවල පිටපත් බත්තරමුල්ලේ රෙජිස්ටර් ජනරාල් කාර්යාලයෙන් විනාඩි පහක කාලයක කායලයක් තුල කඩිනමින් ලබා දීමේ සේවාව ඊයේ (17දා) සිට ආරම්භ වී තිබේ.

ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ඇයගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලියේදී ශූරතාව ජය ගැනීම සඳහා ඇය කණ්ඩායම මෙහෙයවීම හේතුවෙනි.

පසුගිය 28 වැනි දා සිට වසා දමා ඇති ගලහ රෝහල යළි විවෘත කරන්නැයි බල කමින් ගලහ නගරයේ දී ප්‍රදේශවාසීහු අද (16) උද්ඝෝෂණයක් ඇරඹුහ.

හොඳ තත්ත්වයේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 80ක මිලකට සතොසෙන් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

ආසියානු සූරියන් වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ජාතික පුහුණුකාරිනිය වූ තිලකා ජිනදාසගේ අදාල තනතුර සඳහා වූ ගිවිසුම් කාලය ආසියානු තරගාවලියත් සමග අවසන් වන බව මේ දිනවල උණුසුම් කතා බහකට ලක් ව ඇත. ආසියානු සූරතාවලියේ අවසන් තරගයට පිවිසීමත් සමග ශ්‍රී ලංකාව ලබන වසරේ පැවැත්වෙන ලෝක දැල්පන්දු සූරතාවලියට සුදුසුකම් ලද අතර එනිසා ඇගේ ගිවිසුම් කාලය එම තරගාවලිය තෙක්ම දීර්ඝ විය යුතු බවට අදහස් පල වේ.

ගෝඨාට ඇප

Published in පුවත්
Monday, 10 September 2018 12:01

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි සැලකෙන මූල්‍ය අවභාවිතයන් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුව 7 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.

2009 පසු තරගාවලි තුනේම අනු සූරියන් වූ ශ්‍රී ලංකාව ආසියානු කිරුළ දිනන්නේ වසර 9 ට පසුව ය. මේ ලංකාව ආසියානු සූරියන් වූ පස් වැනි වතාවය.

ld add copy

Connet With Us