ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ලෙස කාන්තාව බල ගැන්වීම මනුෂ්‍ය වර්ගයා බල ගැන්වීම යන්නයි. කාන්තාවට යහපත් රටක් යන තේමාව යටතේ ශී‍්‍ර ලංකාව අද ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.

යම් අමාත්‍යාංශයක හෝ ආයතනයක විෂය පථයට අදාළව මහජනතාවට හෝ ජනමාධ්‍යයට තොරතුරු සැපයීමෙන් මුළු රජයමත් ආයතනයක්‌ හෝ නිලධාරියකු අසීරුතාවට පත්වීමට ඉඩ ඇත්නම් ඒ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු යෑයි ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලි ඛිතව දැනුම් දී ඇත.

බන්ධනාගාර රැඳවියන්ට පරිගණක තාක්ෂණ පුහුණුව ලබාදීමේ කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර අැත.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට දකුණු ඉන්දීයාවෙන් විරෝධය පලවේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිගත හැකි සාධාරණ අවංක වූ විසඳුමක් ඉදිරිපත් වේ නම් ඊට එකඟ වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (07) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යංශයේදී හමුවිය. මෙහිදී ඉන්දිය නියෝජිතයන් හා ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යංශ නිලධාරින් අතර සාකච්ඡාවක්ද පැවැත්වීය.

විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්න උත්සාහ කරන පුද්ගලයන් ඉන්නවා. අපේ සිරුරේ ‘අඩු සැලකුම්’ ලබන කොටසකි තමයි දෙපා. අප මදකට හෝ කකුල් ගැන සිතන්නේ සපත්තු ගන්නට යන විටෙකදී පමණි. එවිටත් අපේ වැඩි සැළකිල්ල යොමු වන්නේ දෙපා වල සුව පහසුව ගැන නොව විලාසිතා පිළිබඳවයි.

ගොවියන්ගේ හා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම අරමුණු කොට ගත් නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට උතුරු පළාතේ දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් පසුගියදා කටයුතු කළේය. තොලිලලර්,විවසයිකල් වාල්වුරිමෛ කච්චි එම පක්ෂය නාමය වේ.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us