ඇගේ ඇස අග, ටිකක් වල් හීනයක් Featured

Published in කලා
Tuesday, 07 June 2016 12:18

මම සාමාන්යයෙං ෆිල්ම් බලන්නෙ ඒ බලනවෙලාවෙ ෆිල්ම් එකට කැමති තැනකට මාව අරගෙන යන්න ඉඩදෙන විදිහෙ සාපේක්ෂව නිදහස්මතවාද හරනය කරපු මනසකින්. කොහොමත් අර්ථ සඳහාවන ස්ථිර අදහස් මගෙ ඔලුවෙ නෑ. මොකක්හරි මතවාදෙකින් ඔලුව ගල් කරගෙන,

බලන බලන හැම ෆිල්ම් එකේම ඒ මතවාදයට අදාල සංකල්ප හොයනහැම ෆිල්ම් එකටම එකම විචාරය දෙන ෆිල්ම් බැලිල්ලට වැඩිය ඒක ටිකක් වෙනස්. එහෙම ෆිල්ම් බලද්දි ෆිල්ම් එකේ අභ්‍යන්තරික තර්ක ගලනය මගින් මගෙ ට්‍රිප් එකට මෝඩවිදිහට භාදාකලේ නැතිනම් හෝ මාව ශොක් නොකර හිටියෙ නැත්නම් සාමාන්යයෙං ෆිල්ම් එකක් හොඳයි කියල තමයි මගෙ ඔලුවට යන්නෙ. ඒක එක්තරාවිදිහක මනෝචාරිකාමය අත්දැකීමක්. ඉතිං 'ඇගේ ඇස අගකියන්නෙ හඳගමගෙ සෙන්සස් හරහා මම මගෙ ඔලුව ඇතුලෙ ගියපු සෑහෙන්න හොඳ ට්‍රිප් එකක්.

ඒක විවිධ අය විවිධ විදිහට කියවලතිබ්බ උනත්ඒ හැම විචාරයකම පදනම වෙලා තිබ්බෙ එම චිත්රපට කථාව ගමන් කරන්නෙ යථාර්තවාදී කාලඅවකාශ මානයක කියන එකයි. ඒත් මම හිතන්නෙ ඒ චිත්රපටය අපිට එහෙම කියවන්න පුලුවං එකක් නෙමෙයි. එහෙම යථාර්තයේ සිද්ධවෙච්ච කතාවක් විදිහට කියවන්න ගියොත් ස්වර්ණගෙ ශොට් එකට නොගැලපෙන රංගනයකුස්සි නැටුමේ තියෙන ඕවර් ගතියවිශ්වසනීයත්වය බිඳෙන විදිහේ රෙඩිමේඩ් සිද්දි ගලනයහඳයටත් ලියන්න සෑහෙන්න වෙලාවක් යන්නැති කියල හිතෙන දෙබස් තරුණිය තමංගෙ කටට එන ඒව විදිහට කියන්න හැදුවහම එන ඔඩ් ගතිය වගේ දේවල්කියවීම සඳහා වන භාදාවල් විදිහට හරහට හිටිනව. ඒක හින්ද තමයි ෆිල්ම් එක යථාර්තවාදී විදිහට කියවල හොඳයි කියපු අයම ඒ ඉහත කියපු දේවල් ටික අඩුපාඩු විදිහට දැක්කෙත්.
ඒකනිසා මම හිතන්නෙ මේ චිත්රපටයෙන් අපට පෙන්වන්නෙ ස්වර්ණගෙ (බිරිඳගේ) ඔලුව ඇතුලේ සිද්ධවෙන කතාවඑහෙමත් නැත්නම් ඇගේ විඥාන ගලනය මිසක් යථාර්තවාදී කාලාවකාශයක සිද්ධවෙන කතාවක් නෙමෙයි. මොකද මේකෙ රූප පෙලගැහිල තියෙන්නෙ එහෙම කියවීමකට මිසක් යථාර්තවාදී රේඛීය ආඛ්යානයක් විදිහට කියවන්න නෙමෙයි.

ඉදිරිය හෝ පිටත එතරම් පැහැදිලිව නොපෙනෙන යම්කිසි දෙයක ඇතුලෙ හිරවෙලා ඉන්නවය කියන අදහස දෙන කාරයක ඇතුලත රූපෙකිං පටං අරං එම රූපයෙන්ම අවසන් කරන චිත්රපටයේ බහුතරයක් වූ රූපවල පෙලගැස්ම අපට ගෙන එන ප්රධාන සංවේදනය වෙන්නෙ ක්ලොස්ටර්ෆෝබික් ඇංක්සයිටි එක. මම හිතන්නේ අපි ස්වර්නගෙ ඔලුව ඇතුලෙයි ඉන්නෙ කියන එක තහවුරු කරන්න ඒක හොඳ සාධකයක්. ඒ වගේම ස්වාමි පුරුෂයගෙ ඔලුව පිටුපස සිට ඔහුගේ දෘශ්යපතය වෙත එල්ල කරන ඔහුව අපි දකින පලමු රූපයත්හැමවිටම පුරුෂයා තමංගෙ කාමරයට යන එක පෙන්වන ට්රැක් ෆෝවඩ් ශොට් එකත්ස්වර්ණා එම කාමරයට යද්දි පෙන්වන ට්රැක්බැක් එකත් වගේ රූප ඉංගිතයන් හැමවිටම අපිට යෝජනා කරන්නෙ දෘෂ්ඨියේ අයිතිකාරයා ස්වර්ණා කියන එකයි.

ඒ වගේම ස්වාමිපුරුෂයා තරුණියත් සමග සෙක්ස් කරන්නැතියි කියල අපිට හිතෙන පලමු සීන් එකෙන් පස්සෙ ස්වර්නගෙ ඔලුව අසල ඇයගෙ තරුන කාලය පෙන්වන චායාරූපයක් සහිත රූපයකට කැපෙන එක වගේස්වර්ණගෙ දෘශ්යමානයෙන් එපිට සිදුවන සෑම දර්ශනයකම කෙලවර ස්වර්ණගෙ රූපයකට චේදනය වීම වැනි රූප තාක්ෂනයන් අපෙන් ඉල්ලා හිටින්නෙ මේ සිදුවන සිද්දීන් ඇයගේ ෆැන්ටසීන් බවත්එහි සිටින තරුණිය ඇයගේම තරුණ කාලය හා ඇය දන්න වෙනත් ගැහැනුන් ආශ්‍රයෙන් ඇය තනාගත් මනෝරූපයක් පමණක් ලෙසත් කියවන්න කියන එකයි.

තම ස්වාමියාගෙ ආකර්ෂනය දිනාගැනිමආහාර පිසීම විනෝදයක් ලෙස සැලකීමතමන්ගෙ දුවව ආරක්ෂා කරගැනීම වගේ ඇයට භෞතිකව කලනොහැකි රොමැන්ටික්හෙරොයික් දේවල් වලට ඇය යොදාගන්නෙ ඇගේ මේ ෆැන්ටසි රූපයයි. තමන්ගෙ ප්‍රාර්ථනීය පැවැත්ම මෙන්ම තමාව පෙලන්නා බවටද ඇය යොදාගන්නේ මෙම රූපයයි.

අජිත් තිලකසේන මාදිලියේ ආඛ්‍යාන තාක්ෂනයක් වන ප්‍රධාන සිද්ධියට සම්බන්ධයක් නොමැති සිද්ධියකින් ප්‍රධාන සිද්ධිය සඳහා වන මූඩ් එක ක්‍රියේට් කිරීමේ තාක්ෂනය රැගත් චිත්‍රපටයේ අගපන්සලේදි සිද්ධවෙන ගැහැනුන් දෙදෙනාගේ රන්ඩුව මේ විඥාන ධාරාව පටංගන්නා තැනයි. අනෙක් බොහෝ ගැහැනුන් මෙන් පන්සල් යන්නේ ඇයිදැයි නොදැන පන්සල් යනජීවත්වීම සඳහා බලාපොරොත්තු නැති ඇයගේ වියපත් ආත්මයට ජීවත්වීම සඳහා වන අරමුණ සපයන්නේ පන්සලේදී දිගහැරෙන මේ රන්ඩුවයි. මෙතෙක්කල් බුදුන් වැඳීමෙන් නොලැබුනු සන්තෘෂ්ඨිදායක ජීවිතාවබෝධය ඇය ලබාගන්නේජීවයෙන් පිරුනු එම ගැහැනු දෙන්නාගේ ජීවිත වලට විනෝදය සපයන තම ස්වාමියා වෙනත් ගැහනියක සමග සම්බන්ධවීම අවිඥානිකව ආශ්වාදනය කරන මනෝ ලිංගික ෆැන්ටසියක් වන 'කක්වීන් ෆැන්ටසියවැනි යමක් සිය ජීවිතාරම්මණය කරගැනීමෙනුයි.

එම විශාල රන්ඩුව මැදින් මතුවනසේ තරුණියව ස්ථානගත කිරීමෙන් රූපාර්ථ ගන්වන්නේ ස්වර්ණා එම තරුණියගේ රූපයෙන් සංඛේතවත් කරන ජීවිතාරම්මණය මානසිකව අහුලාගන්නේ එම රන්ඩුව මැදින්ය යන්න බවයි.

අවසන් දර්ශනයට පෙර චිත්රපටයේ පෙන්වූ ආකාරයටම මෙතනින් එහාට ඇයව ජීවත් කරවනු ඇත්තේඑහෙමත් නැත්තං මිනිහ මැරිලත් තව අවුරුදුපහලොවක් විතර යනකං අල්ලං ඉන්න ගෑනියෙක් විදිහට ඇයව සකසනු ඇත්තේඅත්හැරීම පවා විනෝදයක් බවට හරවන මෙම ෆැන්ටසියයි. නමුත් අතිශය අසාධාරණ ලෙස හඳගම ඇයට යෝජනා කරන්නේ එවැනි මහානුභාව සම්පන්න ෆැන්ටසියක සිට පන්සල වැනි රලු යථාර්ථයකට ඇහැරෙන ලෙසයි. හැබැයි මම හිතන්නෙ හොඳ විකල්පයක් නැතුව කවුරුවත් එහෙම ඇහැරෙන එකක් නෑ කියන එකයි.

අවසාන වශයෙන් මේක අශෝක හඳගමගේ වඩාත් නීට් ෆිල්ම් එක යන්න ඇත්ත උනත්නීට්නස් එක හෝ පර්ෆෙක්ට්නස් එක කියන්නෙ හොඳ චිත්රපටියක් මනින සාධක නොවන බැවින්ඔහුගේ චිත්රපටවල පෙර තිබූ රූපමය සියත් භාවය මේකෙත් දකින්න තිබ්බනම් හොඳයි කියලයි මම හිතන්නෙ. මොකද එහෙම රූපමය සියත්භාවයක් ගොඩනගාගන්න එක ලේසිවැඩක් නෙමේ කියන එක සිනමාකරුවෙක් විදිහට මම පෞද්ගලිකවම දන්න නිසත් ලෝකයේම පවා එහෙම ඩිරෙක්ටර්ස්ල ඉන්නෙ කීපදෙනෙක් පමනක් නිසාත් හා කලාකරුවෙකු දෙයක් කියන විදිහක මිසක් කියන දේක ඇති ලබ්බක් නැති නිසාත්ය.

-ඩෙනිස් පෙරේරා

https://www.facebook.com/notes/denisism/%E0%B6%87%E0%B6%9C%E0%B7%9A-%E0%B6%87%E0%B7%83-%E0%B6%85%E0%B6%9C-%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1029830007094271

Last modified on Tuesday, 07 June 2016 12:21

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us