අලුත් පරපුරක් දේශපාලන ක්‍රියාවලියට එක් විය යුතුයි - ජනක නන්ද කුමාර Featured

Wednesday, 09 October 2024 14:06

අද සංවාදය වෙන් වන්නේ, මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරමින්  කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින බොරැල්ල ආසනයේ සංවිධායකවරයෙක් වශයෙන් කටයුතු කරන ජනක නන්ද කුමාර මහතායි. ඔහු දීර්ඝ කාලයක පටන් ව්‍යවසායකයකු ලෙස  කීර්ති නාමය දිනා ගත්  අයෙක්. එමෙන්ම ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් ආගමික, සංස්කෘතික, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍රයන්වල ඇති ගැටලු විසඳීම සඳහා දීර්ඝ කාලයක සිට මහජන සේවයෙහි යෙදීම නිසාම දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් පුදනු ලැබුවෙකි. 

  • පසුගිය කාලයේ ඔබ වව්නියාව දිස්ත්‍රික්කයේ ආගමික වගේම සංස්කෘතික සමාජ සුභසාධන කටයුතු වලට ඉහළ දායකත්වයක් ලබා දුන්නා. අද ඔබ බොරැල්ල ආසනය නියෝජනය කරමින් දේශපාලන නායකත්වයක් සපයනවා. බොරැල්ලේ තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි නාගරික වතු ජනතාව මුහුණ දෙන ගැටලු.. මේ පිළිබඳව කතා කළොත්..

කොළඹ  නගරයේ  බොරැල්ල ආසනය  වාණිජ නගරයක්. නමුත් බොරැල්ල ආසනය තුළ ට මීටර් 200ක් පමණ ගමන් කරද්දී මිහිපිට අපායක් කියල මම කියන්න කැමතියි. නාගරික වතු ආශ්‍රිතව මිනිස්සු ජිවිතය ගෙන යන විදිහ දකින විට  අපිට ඇත්තටම කණගාටුවක් ඇති වෙනවා. වසර ගණනක් තිස්සේ පාලකයන් රට පාලනය කරාට මේ රටට  මොනවද කරලා තියෙන්නේ කියලා හිතෙනවා. පසුගිය රජයන් විසින් මහල් නිවාස ව්‍යාපෘති ආරම්භ කරලා ජනතාව වෙත ලබා දුන්නා. නමුත් සමහර මහල් නිවාස වල ගොඩක් ප්‍රශ්න තියෙනවා. ලිෆ්ට් කැඩිලා. කොයි වෙලාවේ කඩා වැටෙනවද කියලා දන්නේ නැහැ. ජනතාවගේ ජීවිත අනතුරේ වැටිලා තියෙන්නේ. සැලැස්මක් ඇතිව හැදුවත් නඩත්තු කිරිම් සිදු වෙලා නැහැ . මේ සඳහා අදාළ ආයතන සහ ඒවයේ නිලධාරින්ගේ වගකිම ඉටු වෙලා තියෙන ආකාරය ගැන හරිම කණගාටුයි.

වැසිකිලි පද්ධතියම අඩාල වෙලා. නගර සභා නිලධාරීන්  ඒ ගැන කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ. මේ නිසා  සෞඛ්‍යයට පවා අහිතකර තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. මම බොරැල්ල ආසනයේ මහල් නිවාස වලට යනකොට  එක තැනකදි මම මලපවාහන පද්ධතිය බිද වැටීමේ  බරපතල  ගැටලුවක්  දැක්කා. ඒ ගැටලුවට මම විසදුමක් ලබා දුන්නා.  ඒ අයට  අවුරුදු විසිපහක් තුරාවට ඒ ගැටලුවට විසදුමක් ලැබිලා තිබුණේ  නැහැ. මහල් නිවාස වල මලාපවහන පද්ධති සියල්ල අක්‍රමවත්. මලපවාහන පද්ධති  කාණුවලින් ඇලමාර්ගවලට හරවලා හරියන්නේ නැහැ. මේ නිසා මුළු නාගරික වතුකරයම අපිරිසිදු වෙලා. ඒ මිනිස්සු අපායක ඉන්නෙ.

  • ශ්‍රී ලංකාවේ නාගරිකරණයේත් විශාල අර්බුදයක් තිබෙනවා නේද ?

පාරවල් හදනවා. කාපට් දානවා නමුත් වතුර බහින්න කාණු පද්ධතියක් නැහැ. යන්තම් වැස්සක් ආවොත් මුලු නගරයම යටවෙනවා. නගර සැලැස්ම කියන දේ දවසින් දෙකෙන් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. පාරවල් සියක් හදන්න කලින් එක පාරක් පිළිවලට හදන්න. නගරයක් ලස්සන කරන්න නගරසභා මැදිහත් විය යුතුයි. පිටරටවල නගර අලංකරණය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. අපේ බිල්ඩින් එක එක විදිහට එක එක ආකාරයට හදනවා. නගර සැලැස්මක් නැ. ඇස්වලට ප්‍රියතාවයක් නැහැ.

අපි නායකත්වයක් පත් කරගනිද්දි සැලකිලිමත් විය යුතු කරුණක් තමයි ඒ විෂය සම්බන්ධව මනා දැනුමකින් ඇති අයෙකු පත් කරගැනිම. සුදුසු අමාත්‍යංශවලට සුදුසු ඇමතිවරු පත් කළ යුතුයි. නිසියාකාර දැනුමක් ඇති අය පත් කරනවා නම් මෙවැනි දේවල් වෙන්නේ නැහැ.

  • නාගරිකරණයේ මේ අර්බුද වගේම ඔවුන්ගේ ඊළඟ පරම්පරාවත් දිවි ගෙවන්නේ ව්‍යසනයක‍ ?

අපේ ශිෂ්‍යත්ව පන්තිය වගේ නෙවේ ජපානයේ අම්මලා අවුරුදු හය වෙද්දි වෘත්තිය පුහුණුව පිළිබදව දරුවන්ට  කියලා දෙනවා. කාර්මික කෘෂිකාර්මික උපකරණ අතපත ගාන්න ඒවට හුරුවෙන්න දරුවන්ට කියා දෙනවා. ඒත් මේ රටේ සිද්ධ වෙන්නේ දරුවන්ගේ ලමා කාලය නැති කරන එක.  දරුවගේ ළමා කාලය තුළ ළමයින්ට තරගයක් ඇති කරවනවා. ඒ නිසා අපිට නිර්මාණශීලි දරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඒ වගේම කොළඹ මහ නගර සභා ප‍්‍රදේශයේ පදිංචි ජනතාව ගැන සලකලා බැලූවොත්, මෙහි වැඩිම පිරිසක් විවිධ පීඩාවන්ට ගොදුරු වෙලා තියෙනවා. කොළඹ රටේ ආර්ථිකයට වැඩිම ආදායමක් ගෙන එන ප‍්‍රදේශය වූණාට, රටේ ආර්ථික සංවර්ධනය හැමදාම ඉහළට යමින් තිබුණත් ඒ සංවර්ධනයේ ප‍්‍රතිලාභ කොළඹ උරුමක්කාර මේ ජනතාවට ලැබෙන්නෙ නැහැ. ඒ්ක තමයි ඇත්ත.  වැඩි පිරිසක් ආර්ථික සහ සමාජීය අපහසුතාවලින් මිරිකිලා ඉන්නේ. පාලකයො හැටියට අපිත් දැනගන්නෝන දරුවාගේ අනාගතය සාරවත් කරන්න. සාමාන්‍ය පෙල සමත් වේවා හෝ  අසමත් වේවා,  දරුවාගේ ඉදිරි ගමනට වැඩපිළිවෙලක් සැදිය යුතුයි. අද තරුණයන්ගේ ජිවිත විශාල වශයෙන් වෙනස් වෙලා. ඔවුන් පාසල් අධ්‍යාපනය මග නතර කරනවා.  ඔවුන්ට  වෘත්තිය පුහුණුවක් වත් ලැබෙන්නේ නැහැ.

අද මේසන් වැඩට වඩු වැඩට ගෝලයෙක් නැහැ. සියලු දරුවන් අවුරුදු 15න් පස්සේ ත්‍රිවිල් ඒකට පුරුදු වෙලා. ඔවුන් දකින ජිවිතය ත්‍රිවිල් එකට කොටු වෙනවා. මම මේ ත්‍රිරෝද රියදුරන්ට වැරදක් කියනවා නෙවෙයි. ත්‍රිරොද රියදුරන් අපිට විශාල වශයෙන් වටිනවා. නිසි අධ්‍යාපනයක් නොමැති වීමත් එක්ක  මේ දරුවන්  මත්ද්‍රව්‍ය ජාවාරම්වලට පවා ගොදුරු වෙනවා. සීග්‍රයෙන් පැතිරිලා යන මත්ද්‍රව්‍ය වසංගතයේ ගොදුරු බවට මේ ලමයි පත් වෙනවා.

දැන් බලයට පත් වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණෙන් පවා අපි ඉල්ලන්නේ එක තැනකින් පටන් අරන් ඒ පැත්ත හදලා පෙන්නන්න කියලා.  ඔවුන් මැතිවරණ වේදිකාවල කිව්වේ දරුවන්ට ලගම පාසලක් හදනවා කියලා. කොළඹ  දිස්ත්‍රික්කයේ බොරැල්ල ආසනයේ තියෙන්නේ මේ රටේ හොදම පාසල් කිහිපය. නමුත් ඒ දෙමව්පියන්ට තමන්ගේ දරුවාව ඒ පාසලකට දාගන්න විදිහක් නැතිව ඉන්නවා. මේකට සිස්ටම් එකක් හැදිය යුතුයි. කොළඹ දරුවන්ට කොළඹ පාසල්වලට යන්න ඉඩ හදල දිය යුතුයි.

  •  මේ තත්ත්වයට විසදුම් යෝජනාවලියක් සහ වැඩපිළිවෙළක් අරගෙන තමයි ඔබ  මැතිවරණයට පිවිසෙන්නේ.. ඒවගේම ඔබ මූලිකව සඳහන් කරන්නේ අලුත් පරපුරක් දේශපාලන ක්‍රියාවලියට එක් විය යුතුයි කියලා... මේ තුළින් ඔබ යෝජනා කරන වෙනස කුමක්ද ? 

දැනුමක් ඇති අලුත් පරපුරක් දේශපාලනයට අවශයයි. එ‌හෙම නොවුනොත් මේ රට හැමදාම මේ යන විදිහටම වෙයි. මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. දේශපාලනය කියන්නේ ගෞරවණීය සමාජ සේවයක්. දේශපාලනඥයා මහජනතාවගේ නියෝජිතයෙක් වෙන්නේ ඒ සමාජ සේවය තමන්ගේ පරම යුතුකම කරගන්නා විටයි.  එහෙම විශිෂ්ට සමාජ සේවකයන් තමයි පාර්ලිමේන්තුව වගේ මහජන නියෝජිත ආයතන වලට ජනතාව පත් කරල යවන්න  ඕන. ජනතාව ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන විශාල සේවාවක් තියෙනවා. ඒත් ඒ සමාජ සේවය අවංකව කරන අය අඩුයි. අපේ දේශපාලනයේ තියෙන ප‍්‍රශ්නය ඒක.  අපි පාර්ලිමේන්තුවට පත් කරල යවන ඇතැම් අය ජනතාව අමතක කරනවා. දුෂිතයන් වෙනවා. එක්කෝ දුන් පොරොන්දු ඉටු කරන්නේ නැහැ.

පහුගිය කාලයේ 225 ම එපා කියන තැනට ජනතාව පත් වුනේ ඒකයි. හොර බොරු නැති අලූත් දේශපාලන සංස්කෘතියක් රටට  ඕන කියල මහ ජනතාව ඉල්ලා සිටියේ ඒකයි.

මම මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ අලූත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න, රටේ සංවර්ධනය වෙනුවෙන් තමන්ගේ තිබෙන හැකියාවන් යොදවන්නත්, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කිරීමෙත් බලාපොරොත්තුවෙන්. ඒ වෙනුවෙන් ප‍්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙලක් මා සතුව තිබෙනවා. 

Last modified on Wednesday, 09 October 2024 18:14

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us