කෙසේ වෙතත් චීනය තුළ සම්පූර්ණ ව්‍යාප්ති ප්‍රමාණය හා සිවුරතාව ය මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ මේ කාලයට වඩා අඩුයි. විශේෂයෙන්ම පවතින ශීත කාලගුණය තුළ.
WHO එක චීනයේ අදාල වසංගත නියාමනය කරන ආයතන සමඟ ඉතාමත් හොඳින් මේ සම්බන්ධව කටයුතු කරමින් පවතින බව ප්‍රකාශ කරලා තියෙනවා.
දැනට පවතින තොරතුරු අනුව WHO නිර්දේශ කරන්නේ චීනය තුළ පවතින ස්වසන ආශ්‍රිත රෝග බෝවීම ව්‍යාප්ත වීමේ අවදානම අඩු කරගන්න කියලා. Influenza vaccine එක ගන්නා ලෙසත් දුරස්ථභාවය පවත්වා ගැනීමත් රෝග ලක්ෂණ පවතී නම් රැකියාවලට නොගොස් නිවාස වලට වී සිටින ලෙසත් එවැනි තත්ත්වයක් පවතිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සහ වෛද්‍ය පරීක්ෂණවලට යොමුවෙන ලෙසත්, හොඳ වාතාශ්‍රයක් සහ නිතර නිතර දෑත් පිරිසිදු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා.
දැනට චීනයට ට්‍රැවල් කරන්න එපා කියලා කියන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් පුළුවන්නම් ස්වසන ආශ්‍රිත රෝග ( Upper respiratory track infection symptoms) travel කරද්දි ඊට පසුව පවතිනවා නම් අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න කියලා තමයි ප්‍රකාශ කරන්නේ.
සාමාන්‍යයෙන් ලෝකයේ දින කිහිපයකට සැරයක් කොහේ හරි තැනක පොඩි පොඩි වසංගත ඇතිවෙනවා, ඒවා සියල්ලම ලෝකෙ පුරා පැතිරෙන්නෙ නැහැ. කොවිඩ් වසංගතය නිසා බියට පත්වෙලා ඉන්න ගොඩක් අයට මේ ප්‍රවෘත්ති බියක් ඇති කරවනවා . වගකීම් අඩු මාධ්‍ය වලටත් ඒවා හොඳ තෝතැන්නක්
වසංගත වලට අදාළ සෞඛ්‍ය ආයතන, IHR ( International Health Registration) වලට අදාල ආයතන හා නිලධාරීන් ඒ සම්බන්ධව සොයා බලමින් කටයුතු කරමින් පවතිනවා. මීට කලිනුත් මෙවැනි කුඩා outbreak රටවල්වල ඇතිවුණා. ජපානය තුළ රෝගයක් සම්බන්ධවත් ලොකු කතිකාවතක් ලංකාවේ ඇතිවුණා. දැනට අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ .......
වෛද්‍ය ප්‍රසාද් හේරත් ✍