අගරදරු ප්‍රකාශය වැදුනේ ආණඩුවේ නරක තැනකටය. Featured

Monday, 19 April 2021 11:13

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර දෙකක් පිරෙන තැන අගරදරු මැල්කම් රංජිත් හිමිපානම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබිණි. එහිදී ඔහු අවධාරණය කරන්නේ මෙම ප්‍රහාරය ආගමික අන්තවාදයට මුවා වී සිදු කළ දේශපාලනික බලය වෙනුවෙන් සිදු කළ ප්‍රහාරයක් බවය.

මෙය බරපතල චෝදනාවකි. මෙම ප්‍රහාරය දේශපාලනික බල වුවමනාවක් වෙනුවෙන් සිදු කළ බවට ඔහුට හැ‍ඟෙන්නට නම් ඊට යම් සාක්ෂි ඔහු සතුව තිබිය යුතුය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන, පාර්ලිමේන්තු ආංශික කාරක සභාව සහ ජනාධිපති කොමිසම හමුවේ හෝ එවැනි සාක්ෂි කිසිවක් ඉදිරිපත්ව නොතිබුණු තත්වයන් හමුවේ අගරදගුරුතුමා මේ සැක මතු කිරීම විශේෂ තත්වයකි.

ඇතැම් පාර්ශ්ව මෙම ප්‍රහාරයෙන් පසුව දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් අනෙක් පාර්ශ්වලට චෝදනා ඉදිරිපත් කළද යම් හෝ දේශපාලන මැදිහත්වීමක් ඇති බවට නිශ්චිත සාක්ෂි කිසිවක් හෙළි කළේ නැත.

පසුගියදාක සජබයේ මන්ත්‍රී අශෝක අබේසිංහද සෘජුවම මෙය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපත් විසින් සිදුකළ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අසමත්ව තිබිණි. ඒ අනුව එම චෝදනාවේ අසත්‍ය බව තහවුරු විය. ඒ අනුව අගරදගුරුතුමාගේ ප්‍රකාශය අනුවත් මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදු කළ යුතුව තිබේ. එසේ නොවුණහොත් මේ චෝදනාවට වලංගුතාවයක් ලැබීම වැලැක්විය නොහැක.

මෙම ප්‍රකාශය පදනම් කරගෙන දේශපාලනික කණ්ඩායම් විසින් මේ වන විටත් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින අතර ප්‍රහාරයේ වගකීමෙ එක් එක පාර්ශ්වවලට පවරාදීමට මහන්සි වෙමින්ද තිබේ. එහෙත් පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගත වී ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් නඩු පැවැරීමක් සිදුනොවී ඇති තත්වයන් හමුවේ අගරදගුරුතුමාගේ ප්‍රකාශය එක එල්ලේම වත්මන් ආණ්ඩුවට එරෙහි ප්‍රකාශයක් ලෙස වරනැගීම ආණ්ඩු පාර්ශ්වය බරපතල අපහසුතාවයකට ලක් කරන්නකි. එම ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් යුක්තිය ඉ‍ටුකිරීමට තවදුරටත් ප්‍රමාද වෙමින් පැවැතීම ජනතාවගේ ආණ්ඩුව කෙරෙහි වන කළකිරීම උත්සන්න වීමට හේතුවක්ව තිබේ. මේ නිසා වැලේ වැල් නැතිව සිටි විපක්ෂ කණ්ඩායම්වලට අගරදගුරුතුමාගේ ප්‍රකාශය ඉගිලෙන්නට ත‍ටු ලැබුණා මෙන් අවස්ථාවක් උදාකර දී ඇත.

මේ තත්වයන් හමුවේ ආණ්ඩු පාර්ශ්වය මුහුණ දෙන දේශපාලනික ප්‍රහාරයෙහි බරපතල බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. මේ නිසා ඊට නිශ්චිත පැහැදිලි පිළිතුරක් ආණ්ඩුව විසින් ලබාදීම අනිවාර්යයක් වන්නේ වත්මන් ආණ්ඩුව බලට පැමිණීම වෙනුවෙන් මෙම ප්‍රහාරය නිසා උද්ගතවූ දේශපාලනික ව්‍යාකූල තත්වය පැහැදිලි ලෙසම පාවිච්චි කළ බැවිනි. දඩයම කරතියන් යන එකා දැක්කාම තුවක්කුව බැන්දේ කවුද යන්න වටහා ගැනීම අසීරු නැත, යනුවෙන් එදාත් වත්මන් ආණ්ඩු පාක්ෂික කොටස් වෙත එල්ල කළ චෝදනාවට තවදුරටත් වලංගුභාවයක් ලැබීම ආණ්ඩුවේ නිහඬතාවය සමඟ සිදු වෙනු ඇත. මේ නිසා අගරදගුරුතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වගකිවයුතු මට්ටමේ නිල ප්‍රකාශයක් සහ ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ ගතයුතුව තිබේ.

එමෙන්ම මේ කෙටි කාලය තුළ ආණ්ඩුවට එල්ල වූ චෝදනා රැසකි. වංචා දුෂණ අක්‍රමිකතා මෙන්ම පරිසර විනාශය, කොළඹ වරාය නගර පනත සම්බන්ධයෙන්ද එල්ලවන චෝදනා හමුවේ ආණ්ඩුව විසින් ජනතාවට පොරොන්දු වූ කරුණු කාරණාත් ඉ‍ටුනොවෙන තත්වයන්, ආණ්ඩුවේ පැවැත්මට බරපතල ලෙස බලපවත්වෙමින් තිබෙන බවත් එය ආණ්ඩු අභ්‍යන්තරයේ ගැ‍ටුම්කාරිත්වයකට පවා මුල පුරා ඇති බවත් දේශපාලන ක්ෂේත්‍රයේ දැන් රහසක් නොවේ.

ආණ්ඩුවක් පවත්වගෙන යෑමේදී රටේ දේශපාලනය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව අසමත් වුවහොත් විශේෂයෙන්ම ජනාධිපතිවරයා අවංකව අපේක්ෂා කළ මෙරට ජනතාවගේ සුබ සිද්ධිය තකා වන වැඩපිළිවෙල ඉ‍ටුකර ගැනීමට නොහැකි වනවා පමණක් නොව., බලය අත්හැරීම දක්වා ඒ දුර දිග යා හැකිය. මේ තත්වයන් වලක්වා ගැනීමට නම් ආණ්ඩුව සහ එම බලය වෙනුවෙන් පෙනී සිටි හැටනව ලක්ෂයක ජනතාවත් එකට සිටිය යුතුය. නමුත් ඒ සත්‍යය වෙනුවෙනි.

- සුජය

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us