තිරසර සංවර්ධනය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය තවත් වැඩකට අතගසයි ! Featured

Wednesday, 01 December 2021 11:47

කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) අතර ශ්‍රී ලංකාවේ තිරසර කාර්මික සංවර්ධනය සදහා වන ඒකාබද්ධ යෝජනාවලියට අත්සත් තබා තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමග එක්ව පිහිටුවන ලද 2021-2025 වසර 05 සදහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා වන ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ සමාරම්භක හමුව සහ කාර්මික සංවර්ධනය පිළිබද ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ එකගතාවට අත්සන් තැබීම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක හා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකාවේ නියෝජිත Dr Rene Van Berkel යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (30) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) මගින් මෙරට කර්මාන්ත සංවර්ධනය සදහා වන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සදහා ඩොලර් මිලියන 18ක් ප්‍රදානය කර ඇත. එකගතාව අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය ඇමතු අමාත්‍යවරයා, පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කාර්මිකකරණයේ ලකුණ හරිත ලකුණ බවට පත්කිරීම තම අරමුණ වන බවත් ඒ වෙනුවෙන් ඉදිරි කාලය යෙදවීමට අපේක්ෂා කරන අතර සියලුදෙනා හරිත කාර්මික ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය .

මෙරට කෘෂි ආහාර ( Agri- Food) අංශයේ සංවර්ධනය සදහා වඩාත් හොද ක්‍රමවේදයක් අනුගත කිරීම පළමු ව්‍යාපෘතිය වන අතර වසර හතරක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 6.5ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට ඇත. මෙමගින් දේශගුණයට යෝග්‍ය, තිරසාර වෙළදපොළ ඉල්ලුමක් ඇති කෘෂි ආහාර, සංරක්ෂණය ඉලක්ක කොට ක්‍රියාත්මක කිරීම අරමුණයි. මෙය වෙළද, කෘෂිකර්ම හා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෙවන ව්‍යාපෘතිය මෙරට දේශගුණ විපර්යාස අවම කිරීම සදහා වන ව්‍යාපෘතියක් වන අතර වසර පහක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 7.8ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට තිබේ. දේශගුණය පිළිබද පැරිස් එකගතාව අනුව කටයුතු කිරීම මෙහි මූලික අරමුණයි. කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් පරිසර සහ බලශක්ති අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙහෙයුම් කමිටුවක් මගින් අධීක්ෂණය කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත 2030 තිරසර සංවර්ධන සැලැස්ම යටතේ ඒ ඒ රටවල රාජ්‍ය හා පෙෘද්ගලික කර්මාන්ත ව්‍යාපාර සඳහා එම තිරසර ප්‍රතිපත්තීන් ආදේශ කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අනුව විවිධ ක්ෂේත්‍ර 17 ක් ඔස්සේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මේ අනුව 2030 වන විට ආසියානු කලාපය තුළ ඩොලර් ට්‍රිලියන 5 ක පමණ වෙළඳ අවස්ථා නිර්මාණය වන බවත් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය පෙන්වා දෙයි. මෙම අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජනය ගැනීමට කර්මාන්ත අමාත්‍යංශය දක්වන සහයෝගය ජනාධිපතිවරයා සිය සෞභාග්‍යයේ දැක්ම මඟින් ඉදිරිපත් කර තිබෙන තිරසර සංවර්ධන ඉලක්ක වෙත යෑමට අනගි සහයක් බව පෙන්වා දිය යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සෞභග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ද තිරසර සංවර්ධන ප්‍රතිපත්තීන් ‍සහ ඉලක්කයන් රැසක් ක්‍රියාත්මක කරවීමට අදාල මුල් අඩිතාලම මේ වන විට තබා ඇත. හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය සහ හරිත පරිසරයක් වෙනුවෙන් ගෙන යන වැඩ පිළිවෙලද මීට සමගාමීව ක්‍රියාත්මක වන්නකි. විවිධ බාධා කිරීම් සිදුවූවද තව දුරටත් එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කර මේ රට සෞභාග්‍යමත් යුගයක් කරා ගෙන යෑමට ඔහු පෙන්වා තිබෙන අධිෂ්ඨානය වෙනුවෙන් උපරීම සහය ලබා දීම අමාත්‍යංශ මට්ටමින් සිදුවිය යුතු වගකීමකි. එසේම පුරවැසි සහයද හිමිවියයුතුය. මන්ද මේ සියල්ලේ යහපත් ප්‍රතිපළ අවසානයේ හිමිවන්නේ මෙරට පුරවැසියාටය.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us