අරමුණ කරා පැමිණෙන ''වාරි සෞභාග්‍යයා '' Featured

Thursday, 02 December 2021 13:49

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ වව්නියාවේ වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා.

වව්නියාව, වව්නියාව දකුණ, සෙට්ටිකුලම හා නෙඩුන්කේනි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම වැව් ප්‍රතිසංස්කරණය සිදු කෙරෙන්නේ රුපියල් මිලියන 100ක වියදමින්. යුද්ධය හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ මෙම වැව් ප්‍රතිසංස්කරණයට ලක්වූයේ නැහැ. ඒ හේතුවෙන් ගොවි ජනතාවට වගා කටයුතු සිදු කිරීමේදී දැඩි දුෂ්කරතාවන්ට ලක්වීමට සිදු වුණා. එම දුෂ්කරතා මගහරවමින් මෙම වැව් ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ යල මහ දෙකන්නයේ ප්‍රමාණවත් ලෙස ජලය එක්රැස් කරගැනීමේ අපේක්ෂාවෙනුයි.

ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය නමින් හැඳින්වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීව‍නෝපාය වූයේ වී ගොවිතැනයි . ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ විශිෂ්ට වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කීම ද අමතක නොකළ යුත්තකි. ඒ අනුව ලෝකයේ කිසිදු රටකට නොදෙවැනි අන්දමේ වාරි ශිෂ්ටාචාරයක් අප සතුව ඇත. බත බුලතින් සරු ජනතාවක් ඈත අතීතයේ සිටම අපේ රටේ වාසය කළහ. ඔවුන් නිරන්තරයෙන්ම මහ පොළොව සමඟ පොර බදා සිය ජීවිතය සරු කර ගත්තේ ඉතා ධාර්මික අයුරිනි. ජලාශ්‍රිත ජීවන රටාවකට හුරු වූ ජනයා වැවයි දාගැබයි ගමයි පන්සලයි යන උදාර සංකල්පය සමඟ පැවැතියේ ගසට පොත්තත් පොත්තට ගසක්මෙන් දැඩි බැඳීමකිනි.

එවන් ඉතිහාසයකට උරුමකම් කියූ ලක්වැසියන්ට මෙරට එක්තරා යුගයක් පාලනය කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කියා සිටියේ ඉතිහාසය හා සාහිත්‍යය ඉගෙනීමෙන් ශත 50ක් වත් උපයන්න බැරි බවය. රාජ්‍ය සාහිත්‍ය උළෙලකදී රටේ ජනාධිපතිවරයා වශයෙන් ජේ.ආර්. ජයවර්ධන එදා එම ප්‍රකාශය කළේය. එයින් පෙන්වා දුන්නේ අන් කිසිවක් නොව බල්ලෝ මරා හරි මුදල් සොයමු යන අදහසයි. එදා රටේ සදාචාරය සාරධර්ම අන්තයට පිරිහී ගියේය. ගොවියන් වස පානය කොට දිවි නසා ගත්තේ සිය වගාවන්ට වෙළෙඳපොළේ අත්වූ ඉරණම් හේතුවෙනි. කෘෂි රසායන වර්ග පොහොරවලින් අපේ රටේ නිරෝගී ජනයා රෝගීන් බවට පත් කළේය. රජරට අද දක්වා දිවෙන වකුගඩු රෝගය එයින් ඇති කළ භයානක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

එහෙත් ගොවියාට යම්තම් හෝ හුස්මක් කටක් ගැනීමට හැකිවූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් පසුවය. ගොවියාට හිමිවූ පොහොර සහනාධාරය ඔහුට ලැබුණු ප්‍රබල උත්තේජනයකි, දිරියකි. එජාපය ප්‍රමුඛ ආණ්ඩු බලය ගත් අවස්ථාවලදී සිදුවූයේ කුඹුරු ඉඩම් ගොඩකිරීම පමණකි. මේ තත්ත්වය ඉඳුරාම වෙනස් කළ යුතු බව තීරණය කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍ය‍යේ දැක්මයි. තරුණ ව්‍යවසායකයින් තරුණ ගොවියන් නැවත ගමෙන් නිර්මාණය කළ යුතු බව එතුමා තරයේ විශ්වාස කළේය. ඒ අනුව ඒ ජනාධිපතිවරයා ක්‍රියාත්මක විය.

ගමින් ගමට වැඩසටහනේ ජනාධිපතිතුමාගේ මූලික අරමුණු එයයි. තරුණ තරුණියන් අතර කෘෂිකර්මාන්තයට නැඹුරුවක් ඒ තුළින් ඇති කළේය. මේ වනවිට අපේ කෘෂිකර්මාන්තයේ හදවත බඳු වැව් ප්‍රතිසංස්කරණය කිරීම ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භකොට ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ “වාරි සෞභාග්‍යා” වැඩසටහන යටතේ සැළකිය යුතු වැව් ප්‍රමාණයක් ප්‍රතිංසස්කරණය කිරීමට මේ වන විට හැකිවී ඇත.“වාරි සෞභාග්‍යයා“ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික ව්‍යාපෘතියට ත්‍රිවිධ හමුදාවේද පූර්ණ සහය හිමිවී තිබීම පැසසිය යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” යථාර්තයක් වෙමින් රටේ සංවර්ධනයට සෘජුව දායක වන වාරි කර්මාන්තයේ දෑත් ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුව කරනු ලබන වැඩපිළිවෙල සාධනීය වන්නේ ඒ අයුරෙනි.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us