රටට සුබ පණිවුඩයක් රැගත් සැළලිහිණියා නැවත ලංකාවට ! Featured

Saturday, 09 April 2022 11:45

දැන් මේ රටේ මාතෘකාව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගැනවත් ,ආණ්ඩුව ගැනවත් නොවෙයි.. ඇවන්ට්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිස්සංක සේනාධිපති ගැනයි..

පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ නිස්සංක සේනාධිපති මෙරටින් පලා ගොස් තිබෙන බවත් මෙවන් අපරාධකරුවෙකුට මෙලෙස රටින් පිටව යාම නීතියට පටහැනි බවත් එම නිසා මුදල් විශුද්ධිකරණය යටතේ ඉන්ටර්පෝල් හරහා ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසත්ය. විජිත හේරත් සමඟ සරත් ෆොන්සේකාද මේ බව තරයේ කියා සිටියා ..
එහෙත් විජිත හේරත්ලාගේ බලාපොරොත්තු සුන් කරමින් අද උදෑසන නිස්සංක සේනාධිපති මෙරරට පැමිණ ඇත..එසේනම් අප දැන් ජිවිත හේරත්ලාට මෙලෙස පිළිතුරු සපයමි..

නිස්සංක සේනාධිපති මෙරටින් පිටවන්නේ නිත්‍යානුකුලවය..එය විජිතලා දකින්නේ පළා යාමක් ලෙසනම් අපට අසන්නට ඇත්තේ නිස්සංක සේනාධිපති පළා යන්නන්ට තරම් ඔහු අපරාධකරුවෙකු වන්නේ කෙසේද යන්නය...සේනාධිපතිට විරුද්ධව එකම එක චෝදනාවක් වත් තවම ඔප්පු කරගන්නට පුළුවන් වුණා දැයි අපට විජිත ගෙන් ඇසීමට අවශ්‍යය..සේනාධිපති තම ව්‍යාපාර වලින් සාධාරණව මුදල් උපයමින්, රටේ ආර්ථිකයට සවියක් වෙමින් ,රටේ දුෂ්කරම අර්බුදකාරී කාල වල ඔහුට හැකි පමණින් එම අර්බුද වලින් රට මුදා ගැනීමට දෙවරක් නොසිතා දායකත්වය සපයපු, රටට සුවිශාල සේවයක් කරන ව්‍යාපාරිකයෙකු මිසක් විජිතලා වගේ අසරණ මිනිස්සුන්ගේ මුදල් වලින් පිනට පඩි ගන්න, පිනට කකා බිබී ඉන්න පුද්ගලයෙකු නොවන බවත් රටට ණය නැති ව්‍යාපාරිකයෙකු බවත් අප මතක් කිරීමට කැමතිය..

පසුගියදා ඔහු මෙරටින් පිට වුයේද රට මේ මොහොතේ වැටි ඇති ආගාධයෙන් ගොඩගැනීම සදහා සුබවාදී පියවරක් තැබීමටය..මේ මොහොතේ බැරෑරුම් ප්‍රශ්නයක් වී ඇති තෙල් අර්බුදයට විසදුම් සෙවීම සඳහා මැද පෙරදිග තෙල් ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කිරීමට සේනාධිපති මෙරටින් පිටවිය..එම සාකච්ඡා සාර්ථක කරමින් මාස අටක ණය සීමාවකට යටත්ව එරට බලධාරීන් මෙරටට තෙල් ලබා දීමට කැමැත්ත පළ කර ඇත. එය රටේ පුරවැසියාත් රටත් මේ මොහොතේ ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

අනෙක් අතට නිස්සංක සේනාධිපති මේ රටින් පිටව යන්නේ පළමුවතාවට නොව ..ඔහු මෙරටද ,විදේශ රටවලද ඔහුගේ ව්‍යාපාර විහිදී ඇති දැවැන්ත ව්‍යාපාරිකයෙකු හෙයින් ඔහු නිතර දෙවේලේ මෙරටින් පිටව යන්නේය...එය විජිත හේරත්ලා දුටුවේ පළායාමක් ලෙස නම් අපට කියන්නට ඇත්තේ නිස්සංක සේනාධිපති ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරය ගැන විවාදයකට අභියෝග කරද්දී ඔබේ නායක අනුර ඊට ඉදිරිපත් නොවීමත් බියේ පළායාමක් බව නොවේද?

මෙරටින් පළා යාමට තරම්, නිස්සංක සේනාධිපති ඔබේ නායකයා මෙන් නිවටයෙකු නොවන බව අවධාරණය කළ යුතුය.

නිස්සංක සේනාධිපති මෙරටින් පළා යනවා නම් ඒ යන්නේ අද නොව..2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වූ තැනය ..ඔහුව සිර කිරීමට යහපාලන රජය සෑම උත්සාහයක්ම ගත් බව අපට මතකය..ඔහුට විරුද්ධව චෝදනා පිට චෝදනා එල්ල වෙද්දී , ඒ සෑම දෙයක් වෙනුවෙන්ම පෙනී සිටිමින් ඔහු මෙරටම රැදී සිටියේ ඔහුට ඕනෑ තරම් රටින් පළා යෑමට හැකියාව තිබියදීත් බව අප මතක් කරන්නෙමු...

තම ව්‍යාපාර තුළින් සාධාරණව මුදල් උපයමින් මේ දේශය ගොඩ නගන්න අත හිත දුන් වරදට යහපාලන ආණ්ඩුව අවසානයේ එදා ඔහුට උරුම කෙරුවේ සිපිරි ගෙයයි ..එදා මෙරටින් පළා නොගිය නිස්සංක සේනාධිපතිට අද මෙරටින් පළා යන්නට තරම් ඔහු සිදුකළ අපරාධයක් නැත. රාජ්‍ය දේපොළ එක රුපියලක්වත් වංචාකර නැත. ඔහු අපරාධකරුවෙකු නොවේ, ඔහු මේ ලක් දෙරණේ ජිවිත පරදුවට තබා අවිය අතට ගත් යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව නියෝජනය කළ අයෙකි. එදා මරණය පෙනී පෙනී එල්ටීටීඊ ප්‍රහාර හමුවෙත් බිය වී, පළා නොගිය රණ විරුවෙක් බවත් නන්දොඩවන විජිතලා ඇතුළු සගයන්ට අප නැවතත් මතක් කරන්නෙමු..

අද සුදනෙකු ,සැබෑ දේශප්‍රේමියෙකු සේ කතා කරන විජිත හේරත්ලා ගෙන් අපට අසන්නට ඇත්තේ දැන් රටේ මේ ඇති වී ඇති අර්බුදය තුළදීත්,පසුගිය කාලයේදී අප මුහුණ දුන් කොවිඩ් අර්බුදයේදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අවම ඔහුගේ මාසික වැටුප එකම එක මාසයක් වත් නොගෙන මේ රට වෙනුවෙන් කැප කරාද යන්නය...එහෙමවත් නොකරපු විජිත හේරත්ලා නිස්සංක සේනාධිපති වගේ සැබෑ දේශප්‍රේමි ව්‍යපාරිකයෙකුට චෝදනා කිරීම අතිශය හස්‍යයකි.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us