මේ කව්ද ? මොනවද කරන්නේ... Featured

Monday, 11 April 2022 14:55

ජනතාවට වින කළ ආණ්ඩුව ඒකාන්තවම ගෙදර යවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. දෙහිඅත්තකණ්ඩිය නගරයේ සංවිධානය කර තිබූ ගොවි ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ය.

විපක්ෂ නායකවරයා මේ දින වල අන්කවරදාකටත් වඩා යහමින් දේශපාලන වේදිකාවේ බොරදියේ මාළු බාමින් සිටින බව පේනන්න තිබේ..පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ඉස්සරහා මනාප වලට මේතරම් පින්සෙන්ඩු වූ දණින් වැටුණු අපේක්ෂකයෙකු මේ දේශපාලන ඉතිහාසයේ සිටියේ දැයි අප දන්නේ නැත.. රෑට රෑට දුක සැප බලන්න ඔබේ දෙපතුළ ළගට එනවා යැයි කියමින් එදා වේදිකාවක් වේදිකාවක් ගානේ විපක්ෂ නායකවරයා දණින් වැටි ජනතාව ආමන්ත්‍රණය කළ හැටිද අපට මතකය.

කොහොම වුණත් මේ කව්ද ? මොනවද කරන්නේ කියා ජනතාවට අතීතය ගැන සිහිපත් කිරීමට දැන් අපට සිදු වේ.'' අප්පා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා '' යන කියමන අප හොදින් අසා ඇත..ඒ නිසා අපට සජිත් ප්‍රේමදාස පැත්තකින් තබා ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාසගේ පාලන යුගය ගැන ජනතාවට මතක් කර දීමට සිදු වේ.

1988 කාලේ ජනපතිවරණේ මතක අයට ඉහත පෝස්ටරේ හොදට හුරුපුරුදුයි කියා අප සිතමු . ප්‍රේමදාසගේ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තේ "මේ කව්ද? මොනවද කරන්නේ?" කියන නමක් ගමක් නැති පෝස්ටරයකිනි .

ප්‍රේමදාසගේ මුල් යුගය ඉතා දුගී දුප්පත් බව කියවේ.. එහෙත් අපි ඇත්තටම ඒ ගැන ආඩම්බර වෙන්න ඕනෑය . මොකද ඒබ්රහම් ලින්කන් කියන්නෙත් සපත්තු මහන්නේක්ගේ පුතෙක්. ඒවගේ පහල මට්ටමේ මිනිහෙකුට රටේ ඉහලම තැනට පත්වෙන්න පුළුවන් නම් ඒ රට කොච්චර සාධාරණ සමාජයක් තියෙන එකක්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ වෙනම කාරණයකි .

අනුර බණ්ඩාරනායක මිනිස්සුන්ගේ දුගී දුප්පත්කම සමච්චලයට පත් කරපු කෙනෙකි . 1977 මැතිවරණයේදී අනුර බණ්ඩාරනායක කිව්වා ප්‍රේමදාස කියන්නේ කෙහෙල්වත්තේ ලැවරිය විකුනපු අම්මගේ පුතා යනුවෙන්. හැබැයි ප්‍රේමදාස මේකට ප්‍රතිචාර දැක්වුයේ බලයට පත්වුනාට පස්සේ ප්‍රථම පාර්ලිමේන්තු කතාවේදීය . ඔහු එදා ප්‍රකාශ කලේ වලව්වක අවජාතක පුතෙක් වෙලා ඉපදුනාට වඩා පැල්පතක සහජාතක පුතෙක් වුනු එක ගැන ආඩම්බරයි යනුවෙන්. අනුර බණ්ඩාරනායක ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගැනත් කිවේ සෙරෙප්පු දාගෙන බයිසිකල් කට්ටකින් ආපු මිනිහා කියලාය . ප්‍රේමදාස මේ අපහාස හමුවේ නිහතමානි වෙනවට වඩා පසුව ඔහුගේ හිනමාන ස්වභාවය උඩට ආවා කියල බොහෝ දෙනා පැවැසිය. ඉතින් ඔහු ඔහුගේ පරම්පරාව ගැන අතීත ශ්‍රී විභුතිය ගැන මවපු නොයෙක් කතා ඇත.

ප්‍රේමදාස උගත් මිනිසුන්ව පහත් කරලා සමච්චලයට ලක් කරලා කතා කරපු තැන් තිබිණි. ඒ ආභාෂය නිසාම වෙන්න ඇති ඔහුගේ පුත්‍රයා උසනම් කම්කරු මිටිනම් සිකුරිටි යන අධම න්‍යාය තුළින් මේ රටේ තරුණ තරුණියන්ගේ උගත්කම කෙලෙසුවේය .

කොහොම වුණත් මේ කාලේ රිචඩ් ද සොයිසා කියලා ITN එකේ ඉංග්‍රීසි news කියන තරුණ මාධ්යකරුවෙක් හිටියා. ඔහු නාට්‍යවලට සම්බන්ධ කෙනෙක්. ඔහු නාට්‍යක් ලියලා වේදිකාගත කරන්න සුදානමින් හිටියා. එකේ නම "මේ කව්ද? මොනවද කරන්නේ?". මේක ප්‍රේමදාසට විරුද්ධව හදපු එකක් කියලයි කියවුණේ. ඒ නිසා රාජ්‍ය මැර කල්ලියක් මොහුව පැහැරගෙන ගොස් මරා දැමීය. සුදු වෑන් සංස්කෘතිය ඒකාලේ ක්‍රියාත්මක වූයේ එසෙසය . ඔහුගේ මව වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මැතිනිය මේ ගැන කීප සැරයක් මාධ්යයට පවසා ඇත.

ප්‍රේමදාස සිය ඡන්ද ව්යාපාරයේදී රජීව් ගාන්ධිට අපහාස කළේය. 1977 දී JR ඉන්දිරා ගාන්ධිටත් ඇයගේ පුත් සන්ජය ගාන්ධිටත් cow and calf කියා අවමන් කෙරුවේය . මෙතැනදී ප්‍රේමදාස කියා සිටියේ ඉන්දියාව නමැති නෙළුම්විලේ නේරුලා වගේ නෙලුම් මල් තිබ්බත් රජීව් ගාන්ධි වගේ ගෙම්බොත් ඉන්නවා කියලාය . කොහොම උනත් එදා ජනතාවට අවුරුදු 10ක එජාප පාලනය තිත්ත විය. ඒ නිසා ජනතාවට අවශ්‍ය වුණා වෙනත් රජයක් පිහිටුවන්නටය ..එහෙත් එදා කලබල මුවාවෙන් විරුද්ධ පක්ෂ අපේක්ෂිකාව වූ බණ්ඩාරනායක මැතිනියට විශාල වශයෙන් ඡන්ද ලැබුණු ප්රදේශ කිහිපයක ඡන්ද පෙට්ටි අවලංගු කරමින් බණ්ඩාරනායක මැතිනියගේ ජයග්‍රහණය වලකන්නට ආර් ප්‍රේමදාසට හැකි විය .ඒ අනුව ඔහු ජනාධිපති වූ අතර එජාප පාලනය එලෙසම ඉදිරියට ඇදුණි .එහි ප්‍රතිපලයක් ලෙස රට ව්යසනයෙන් ගොඩ ඒමට තිබු තවත් අවස්තාවක් මෙලෙස මග හැරි ගියේය.

ප්‍රේමදාස ඉස්සරවෙලාම කළේ තමන්ට බලයට එන්න අනියමින් පාර කපල දුන්නු ජවිපෙ සමුලඝාතනය කිරීමයි...ඒ භීෂණ යුගයේ නිර්මාතෘ විදියට හදුන්වන්නේ රෝහණ විජේවීර පමණක් වුණත් එහි අනික් නිර්මාතෘ වුණේ ප්‍රේමදාසයි ..එදා එම භීෂණයෙන් 60000ක් මැරුණා කියල නිල වාර්තාවල දැක්වුනත් නිල නොවන වාර්තා කියන්නේ 100000ක් පමණ ඝාතනය වූ බවය... පාරවල් වල ටයර් සෑය මත දැවෙන තරුණ මල සිරුරුවල දර්ශන දිනපතා සාමාන්‍ය දෙයක් විය . ගංගාවල මිනි පාවිය. මිනිස්සු මාළු ආහාරයට නොගෙන අතහැරියේය. මොකද ගංගාවල මුහුදේ මාළු මිනි කනවාය කියන සිතුවිල්ල නිසාය .. මේ භිෂණය ගැන අහලවත් තියෙන කෙනෙක් ජවීපෙ යුගයක් ගැනවත්, ප්‍රේමදාස යුගයක් ගැන හීනෙකින්වත් හිතන්නේ නැත.

ප්‍රේමදාස දැඩි ඉන්දීය විරෝධියෙක් බව කව්රුත් දන්නා කාරණයකි ..එක මොහොතකදී ඉන්දියානු විරෝධයක් ඇතිකර ප්‍රේමදාස රජය මගින් LTTE ත්‍රස්තවාදීන්ට මුදල් සහ අවි ආයුධ ලබාදෙනවා ඉන්දීය හමුදාවට විරුද්ධව සටන් කරන්න කියා . මේ අවි ආයුධ පසු කලකදී LTTE ය රජයේ හමුදාවලට විරුද්ධව පාවිච්චි කළේය. මේ කාලේ ප්‍රේමදාස ඉන්දියාවට කියා සිටියේ ඉන්දීය හමුදාව ඉවත් කරගන්න කියාය.. ඉන්දියාවත් අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නාවාගේ හමුදාව ඉවත්කර ගත්තේය.

LTTE ය ආපහු ප්‍රේමදාස රජයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න දෙවරක් හිතුවෙ නැත . මුලතිවු ප්‍රදේශයේ පොලිස් නිලධාරී 600කට ආයුධ බිම තබා ත්‍රස්තවාදීන්ට යටත්වීමට අණ කිරිමෙන් පසුව ත්‍රස්තවාදීන් විසින් ඔවුන් සියලුදෙනාම අමු අමුවේ ඝාතනය කළේය. ඒ කාලේ ජනපති ආර්යාවගේ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් යානා යෙදවීම නිසා රටේ බොහෝ දේපළ වගේම ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ජිවිත අනතුරේ හෙළුනු බව ප්‍රසිද්ධ කතාවකි . මේ වකවානුවේ ජනාධිපති පවුල විසින් යාල අභය භූමියේ කරන ලද නිදන් හැරිම ,ඇතුන් මරා ඇත් දල එකතු කිරීම ආදී දේවල් ප්‍රසිද්ධ වූ අතර දේශපාලන වේදිකාවේ තවමත් ඒ ගැන කියවෙයි.

එදා ප්‍රේමදාසට විරුද්ධව ගෙන එන ලද දෝෂාභියෝගයෙන් ඔහු බේරෙන්නේ කතානායකව සිටි එම් එච් මොහොමඩ්ට පින්සිදුවන්නටය. නමුත් ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි එජාපයේ ඉවත්වි ගොස් රාජාලියා ලකුණෙන් අලුත් පක්ෂයක් හදනවාය . මෙය ප්‍රේමදාසට ලොකු අභියෝගයක් විය.. 1993 අප්‍රේල් අවසාන සතියේදී කිරුලපන පිටියේ රැස්වීමක් අමතමින් සිටියදී ඇතුලත් මුදලි වෙඩි වැදී මිය යෑම සිදුවිය. ඒ මරණය පිළිබඳවත් ඇඟිල්ල දිගු වුයේ ප්‍රේමදාස සහ සගයන්ට. සිරිසේන කුරේ නමැති ප්‍රේමදාස රජයේ ප්‍රබලයා මේ සිදුකල බවට කතා පැතිරී තිබිණි. මේ පාලන සමයේ අදුරදර්ශී ක්‍රියාකලාපය නිසා රටම ව්යසනයට පත්වී අවසානයේදී රටේ ජනාධිපති ඝාතනය කිරීමට පවා LTTE යට හැකිවන අයුරින් රටේ ආරක්ෂක තත්වය ඉතාමත් දුර්වල තත්වයකට අද වැටී බෙදුම්වාදීන්ට යටත්වන තත්වයකට පත්වීමට ආසන්න විය.

අවසානයේ 1993 මැයි 1 දා මැයි පෙළපාලියේ ගමන් කරන විට එල්.ටි.ටි.ඊ බෝම්බ ප්‍රහාරයකට හසුව ජනපති රණසිංහ ප්‍රේමදාස ජිවිතගමන අවසන් කළේය. මේ මරණය සැලවෙනවාත් සමගම රට පුරා රතිඥ්ඥා දැල්වෙන්න ගත්තේය..පාරක් පාරක් ගානේ මිනිසුන් කිරිබත් කෑවේය ..එදා මිනිස්සු කිවේ සුනඛයා මැරුණා කියාය. මිනිස්සුන්ගේ කැකෑරෙන වෛරය පිටවුනේ එහෙම. ඒකාලයේ රටේ තිබුණු භිෂණය කොහොමද කියන්න ඊටවඩා උදාහරණ අවශ්‍ය වෙන්නේ නැත. 1993 දී LTTE ය විසින් ප්‍රේමදාසට ජනපති ඝාතනයත් සමග එපාපයේ මැරබලය දුර්වල වූ අතර සියලුම දේශප්රේමී බලවේග එජාපය පැරදවීම සඳහා ඒකරාශි විය.

මේ තුළින් පැහැදිළි වන්නේ මොනයම් ජගතකුගෙවත් අතීතය බලපුලුවන්කාර කම් වලින් වලදැමිය නොහැකි බවය..එය හරියට තමා පසුපස ගමන් කරනා අදුරු සෙවණැල්ලක් බදුය...එදා ප්‍රේමදාස යුගය ගැන දන්නා මිනිසුන් නැවත කිසිදා කිසි කලෙක ප්‍රේමදාසලාට කතිරය නොගසන බව නම් ඒකාන්තය.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us