යාල වන සංහාරය වහා නවතනු

Monday, 06 July 2015 13:12

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක හතරේ වනාන්තර ඉඩම් කොටස් කිහිපයක් සමාගම් හතරකට මේ වනවිට පවරා ඇත.

2012 පෙබරවාරි 07 වන දින මෙම ඉඩම් ලබාදීම සඳහා පසුගිය ආණ්ඩු සමයේ යෝජනා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොස්ගහමංකඩ වනාන්තර කොටස ඇලුමේනියම් සමාගමටත් සයිපදීපන් තොටුපල ලෙෆර්ඩ් සෆාරි නැමැති සමාගමටත් නාගතියන්තොට බිම්කුළු සෆාරි ආයතනයටත් තල්ගස්තොට වනාන්තර ප්‍රදේශය ඉකෝවිව් ආයතනයටත් ලබාදී තිබේ.

සත්හඬ ඉරිදා ජාතික පුවත්පතට අනුව යාල වනෝද්‍යානයේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතමිතුරන්ට හා දූදරුවන්ට ලබාදීමට කටයුතු සිදුකර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2014 වර්ෂයේදී යාල වනෝද්‍යානයෙන් අක්කර ගණනාවක් තම පුත්
යෝෂිත රාජපක්ෂට ලබාදී තිබේ. මීට අමතරව තම ඥාති පුතුන් වන අතර නිපුණ රණවක" ෂමින්ද "චමින්ද" මනෝජ්" අසංක "මිහිරි" ඊෂණ රන්දුල "හංස යන පුද්ගලයන්ට තවත් ඉඩම් කොටස් කිහිපයක් ලබාදීමට මහින්ද රාජපක්ෂ කටයුතු කර ඇත. 2012 ජනවාරි 18 දින 02/06/04/03/එෆ්.ඩී./එෆ්.පී. දරන චක%ලේඛයට අනුව එම වනාන්තර ප්‍රදේශවල ඇති ඛනිජ සම්පත් කැණීමටත් අවසර ලබාදී තිබේ. එම අවසර ලබාදීම පෞද්ගලික වුවමනාවන් මත කරඇති
අතර එය ජාතික අවශ්‍යතාවයක් සඳහා සිදුකළ දෙයක් නොවේ.

යාල ජාතික වනෝද්‍යානය තුළ හා එහි ප්‍රේරණ කලාපය තුළත් දැනට හෝටල් ඉදිකර ඇති අතර 2030 ජාතික භෞතික සැළැස්මට අනුව එහි ඉකෝ ටුවරිසම් නැමැති සංචාරක කලාප කිහිපයක් ඉදිකිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය සැළසුම් ලෝක බැංකුව" ආසියානු සංවර්ධන බැංකුව "ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවල සහයෝගය ඇතිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සැළසුම් සම්පාදකයන් සමග එක්වී කරන ලද සැළසුමකි. 

යාල වනෝද්‍යානයේ පල්ලේපොත්තල ප්‍රදේශයේ සුපිරි පරිසර කඳවුරු (ඉකෝ කෑම්ප්) ඇටවීම සඳහා වනජීවි ඇමතිව සිටි එස්.එම්. චන්ද්‍රසේන තම හිතවතුන් කිහිප දෙනෙකුට ලබාදී ඇති අතර ප්‍රේරණ කලාපය තුළ අනවසරයෙන් දැනට හෝටල් කිහිපයක් පවත්වාගෙන යනු ලබයි. ඇතැම් හෝටල් ජනවාරි අටවැනිදායින් පසුව ඉදිකිරීම් නවතා තිබූ අතර මීට දින දෙකකට පමණ පෙර නැවතත් ඉදිකිරීම් ආරම්භ කර ඇත. එම ඉදිකිරීම් කරගෙන යාමට අවසර ලැබුණේ කෙසේද යන්න සොයාබැලිය යුතු කාරණයක් වන අතර ප්‍රේරණ කලාපයේ දැනට හෝටල් කිහිපයක් පවත්වාගෙන යන අතර ඒවා තුරුවදුල" වනවදුල ලෙස නම්කර ඇත. නමුත් ඒවා ඉදිකිරීමේදී වනාන්තරය කපා දැවැන්ත විනාශයක් සිදුකොට ඇත. එම විනාශය එයින්ද නතර නොකොට හෝටලයට එන අය සඳහා ආහාර වශයෙන් ගෝණුන්" මුවන්" ඌරන් වනෝද්‍යානයෙන්ම දඩයම් කර සකසා ආහාරයට දීමද රජයේ අනුදැනුම මත සිදුවන්නකි.

මෙම හෝටල්, කඳවුරු බිම් හා සමාගම්වලට පවරා දුන් ඉඩම් සඳහා පිවිසුම් මාර්ග කිහිපයක් සකසා ඇති අතර වනාන්තර විනාශය නිසා ජාතික වනෝද්‍යානයේ හා අවට කලාපයේ සතුන්ට හා ශාකවලටත් එහි ජෛව විවිධත්වයටත් බරපතල හානියක් දැනටමත් සිදුවී ඇත. 

දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් යාල ජාතික වනෝද්‍යානයේ හා ප්‍රේරණ කලාපයේ ඉඩම් විනාශ කරමින් සිටියද ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යංශය" මධ්‍යම පරිසර අධිකාරිය" වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම වන සංහාරකයන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති අතර රිසිසේ වනාන්තරවලට අයත් ඉඩම් කොල්ලකෑමට ඉඩ ලබාදී ඇත.

වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතේ 05 "06 "07 දරන වගන්ති අනුව මෙවන් වනෝද්‍යානයකට අනවසරයෙන් ඇතුළුවීම "වනාන්තර විනාශය "සතුන් දඩයම් කිරීම" සංවර්ධන කටයුතු කිරීම සපුරා තහනම් ක්‍රියාවකි. එමෙන්ම එම පනතේම 06-2/2 වගන්තියට අනුව රක්ෂිතයක් තුළ හෝ ප්‍රේරණ කලාපය තුළ කිසිදු ඉදිකිරීමක් සිදුකිරීමට නීතිමය අවසරයක් නැත.

1948 ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව තුන්වන පරපුරේ අයිතියක් ලෙස පරිසර අයිතිය පිලිගෙන ඇති අතර රටක ජීවත් වන ජනතාවට එම සම්පත් ඉතිරි නොකොට විනාශ කරන්නේ නම් එය මිනිසාගේ පරිසර අයිතිය භුක්තිවිඳීමට එරෙහි කරන හිමිකම් උල්ලංගනයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටවැසියාගේ පරිසර අයිතිය පිලිගෙන ඇති අතර එම අයිතියද මෙම වනාන්තර විනාශය මගින් අහිමි වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත" ජාතික පාරිසරික පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් ඉඩම් බෙදාදීම හා හෝටල් ඉදිකිරීම සිදුකර ඇතත් එයට එරෙහිව කිසිදු පියවරක් මේ වනතෙක් ගෙන නොමැත. 

විල්පත්තු ජාතික වනෝද්‍යානය "කල්ලාරු වනාන්තරය තුළ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට ජාතිවාදී පදනමින් දැඩිලෙස විරෝධය දැක්වූ භික්ෂූන් වහන්සේලා "පරිසර සංවිධාන" සිංහල ජාතිවාදී සංවිධාන යාල ජාතික වනෝද්‍යානය හා මෙරට වනාන්තර 39 ක් විනාශ වනවිට මුනිවත රකින්නේ විල්පත්තුව මඩු රක්ෂිතය" කල්ලාරු හැර අනෙක් වනාන්තර 36 විනාශ කරන්නේ හා විනාශ කරනු ලැබූයේ සිංහල දේශපාලනඥයන් නිසාද?

ගහකොළ, සතා සිව්පාවා හැසිරෙන මහ වනයට හා පරිසර පද්ධතියට භේදයක් නැතිවා සේම ජනතාව බෙදන බලවේගවලට ඉඩක් නොදී සමාජයද භේදයකින් තොරව පරිසර විනාශයට එරෙහිව නැගී සිටියයුතු කාලය එළඹ ඇතත් අවාසනාවකට මෙන් මේ සියලු වනාන්තර විනාශ වනවිට ජාතිවාදී ස්වරූපයෙන් පමණක් පරිසර විනාශයට එරෙහිව නැගීසිටින රටක දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස තව තවත් වනාන්තර විනාශ කිරීම ඉදිරියේද සිදුවනු ඇත.

රවීන්ද්‍ර කාරියවසම්

ඡායාරූප අනුග්‍රහණය - සත්හඬ පුවත්පත

E mail - raveendra This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mobile - 0718368642
Blog - freewatersl blogspot.com
Web-www.cens.lk…

sathhanda-yala-2

sathhanda-yala-3

sathhanda-yala-4

sathhanda-yala-5

sathhanda-yala-6

sathhanda-yala-7

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us