හිරුනිකා ගේ බඩ සහ 'sinhala bodhunuwa' ගේ ජඩකම

Thursday, 09 July 2015 09:19

‘‘... යොග්‍ය වයස් පැමිණි කල්හි ස්ත්‍රීන්ගේ ආර්තව රජස් හා පුරුෂයන්ගේ ශුක්‍රධාතු ප්‍රකටව ක්‍රමක්‍රමයෙන් වැඩීමෙන් ඔවුනොවුන් කෙරෙහි මෙවුන්දම් සේවනයට හෙවත් සංසර්ගය පිණිස ආසක්ත බවක් ඇතිවෙයි. ඔවුනොවුන්ගේ ධාතු හා ඒ ධාතූන් පිහිටි ප්‍රධාන ස්ථාන පිරිසිදුවී නම් දරුවෝ උපදිත් ...’’
ස්ත්‍රී චිකිත්සාවලිය පිටු 24, 25

මෙකී දරුවෝ පිළිසිඳ ගන්නේ කොතැන ද, එකී දරුවෝ මෙලොවට උත්පාදනය වන්නේ කෙසේ ද සහ කොතැනින්න ද වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. එහෙත් ඉහත සඳහන් කළ කිසිවක් නොදන්නා ඕපපාතික අමනයෝ ද බුදුන් ගේ දේශය වූ ශ්‍රී ලංකාවේ වෙසෙන බව දැනගන්නට ලැබීම සහ එකී ඕපපාතිකයන්ගේ අමන ප්‍රකාශ කියවන්නට ලැබීම කෙතරම් අවාසනාවන්ත ද?

කාන්තාවක හැර පුරුෂයකු ගැබ්ගෙන නොමැති බව මේ අමනයෝ කවරදාක හෝ අසා නැත. එමෙන් ම කාන්තාවක ගැබ් ගන්නේ ස්ත්‍රී චිකිත්සාවලියේ සඳහන් ආකාරයට පුරුෂයකු සහ ස්ත්‍රියක අතර ඇතිවන ලිංගික සංසර්ගයේ අතුරු ඵලයක් ලෙස හෝ දරු ගැබකට බාහිර ස්ථානයක (නළ දරු උපත්) දී ශුක්‍රධාතු සහ ඩිම්බ සංසේචනය (Fertilsation) වීමෙන් බව මේ අමනයෝ නොදනිති. එසේ දැන සිටියේ නම් හිරුනිකා ගැබ්ගෙන ඇති බව මෙතරම් උත්කර්ෂයට නංවන්නේ නැත; ඇගේ ගැබ්ගැනීම මෙතරම් ආන්දෝලනයට ලක්වන්නේ නැත. මෙසේ ලියන අමනයෝ පමණක් නොව: එකී පුවත රස කරමින්, තව තවත් අඩු වැඩි සපයමින් ප්‍රචාරය කරන අමනයෝ ද ඉහත කී කිසිඳු විද්‍යාත්මක හේතුසාධකයක් පිළිබඳ අල්පමාත්‍රයක හෝ දැනුමක් ඇතිවුන් නොවේ. අවම වශයෙන් මෙවුන් මෙලොව එළිය දැකීමට ප්‍රථම හැදී වැඩුණේ කාන්තාවක ගේ දරුගැබක බව හෝ උන්ට ද උප්පත්තිය ලබා දුන්නේ කාන්තාවක් බව නොදන්නා අමනයෝ ය.

හිරුනිකා යනු පිටසක්වල ජිවියකු නොවේ. ඇය ද මනුසත්වයෙකි; එකී සත්ව කුලකයේ ස්ත්‍රී පාර්ශවය නියෝජනය කරන්නියකි. එසේ නම් මනුසතුන්ට මතු නොව ලොව වෙසෙන සියලු සතුන්ට උරුම වූ අනිවාර්යය අවශ්‍යතාවයක් වන ලිංගංකත්වය ඇයට ද උරුම ය. එකී ලිංගිකත්වය විඳීම සඳහා ආණ්ඩුවේ බලපත්‍රය අවැසි නැත. බලපත්‍රය අවැසිවන්නේ වික්ටෝරියානු කුහකත්වයට හිස නමනු පිණිස ය; අධිරාජ්‍යවාදීන්ගෙන් උරුම වූ නීති අණ-පනත් රැකීම පිණිස ය. එසේ නොවන්නට තමන් කැමති පුරුෂයකු හා සංසර්ගයේ යෙදීමේ පූර්ණ අයිතිය ඇය සතු ය. එහි අතුරු ඵලයක් වන දරුවකු පිළිසිඳ ගැනීම ද සාමාන්‍ය ක්‍රියාවලියකි. දරුවකු අවශ්‍යය නොවන්නේ නම් එය වළකාගැනීමේ අයිතිය ද ඇය සතු ය. පිළිසිඳගත් දරුවා මෙලොවට උත්පාදනය කරනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ද ඇය විසින් ම ය.

මෙම පුවතට අනුව ඇය විවාහයට පෙර ගැබ් ගත්තා නම්, එය අරුම පුදුම කාරණයක් ලෙස සලකා හෝ ඉමහත් අශ්ලීල ක්‍රියාවක් ලෙස සලකා ඇය අපහසුතාවයට පත්කරනවුන් ගේ පැටිකිරිය සොයා බැලුවහොත් උන්ගේ මුතුන් මිත්තෝ ද එක්තරා කාල වකවානුවක දී ඔවුන්ගේ පරම්පරාවෝ උත්පාදනය කර ඇත්තේ විවාහය නමැති වහල් බැම්මෙන් මිදී බව එවුන් පසක් කරගන්නවා නියත ය. මන්ද මේ අමනයෝ හිරුනිකාට එරෙහිව මුහුණු පොත හරහා ප්‍රචාරය කළ පෝස්ටරයේ ‘‘Shear කර මුන්ගේ කැරැට්ටුව රටටම කියන්න’’ යනුවෙන් ද සඳහන් කර ඇත.

කාන්තාවක් ගැබ්ගැනීම, එකී කාන්තාව ගැබ්ගැනිමෙන් අනතුරුව විවාහ වීම මේ අමන රැළට අනුව අමුතු ම! අමුතු ම!! අමුතු ම!!! ක්‍රියාවකි; එවැන්නක් අසන්නට හෝ දකින්නට ලැබී ඇත්තේ පළමු වතාවට ය. එමෙන්ම එය වඩාත් උත්කර්ෂයට නංවනු පිණිස මේ අමනයෝ ‘‘දරුවා කාගේදැයි නොදනී’’ යනුවෙන් ද සඳහන් කරයි. මුග්ධ අමනයිනි, ඒ දරුවා කවුරුන් හෝ පිරිමියකුගේ මිස තොප වැනි නපුන්සකයකුගේ නොවන බව නම් ඉතා පැහැදිලි ය.

හිරුනිකා ගැබ්ගත්තේ පිරිමියකු ඇගේ ගැබ අතගෑමෙන් නොව ඇය පිරිමියකු හා සංසර්ගයේ යෙදීමෙන් බව හය වසර සමත් දරු දැරියන් පවා දන්නා කරුණකි. එසේ නම් දරුවා පිරිමියකු ගේ බව ද පැහැදිලි ය. ඒ පිරිමියා කවුද යන්න හිරුනිකාට හෝ ඇය විවාහ කරගත් පුරුෂයාට ගැටලුවක් නොවන්නේ නම් මේ ‘‘සිංහල බොදුණුවා’’ නම් වු අමනයාට ඇති රුදාව කුමක් ද?

බොල අමනයෝ, තොපගේ ප්‍රකාශයට අනුව හිරුනිකාගේ කුසතුළ දරුවකු සිටින්නේ නම්, ඒ දරුවා කාගේදැයි නොදැන වුව ද ඇය විවාහ කරගන්නට යම් පුරුෂයකු කැමැත්ත පළ කළා නම් හේ නියම පිරිමියකු බව පිළිගත යුතු ය. ඔහු කාන්තාවට ගරුකරන, මාතෘත්වයට ගරු කරන, මානුෂික ගුණාංගවලින් පිරිපුන් පිරිමියකු බව සිහි තබාගත යුතු ය. අමනයනි, තොප මේ අපහාසයට ලක් කරන්නේ හිරුනිකා මතු නොව සමස්ත කාන්තා පරපුරයි; සමස්ත මවු පරපුරයි. මෙබදු කාන්තාවන් අතර තොපගේ හෝ තොප වැනි පිරිමින්ගේ මවක, සොයුරියක, දියණියක හෝ හිතවතියක නොසිටින්නේ යැයි තොප සිතන්නේ ද? එසේ නම් තොප වැනි වුන් ඕපපාතිකයෝ ම ය. තොපි කිසිවකුට මවක්, සොහොයුරියක් හෝ දියණියක් සිටිය නොහැකි ය.

මේ අමනයෝ කෙතරම් ම්ලේච්ඡ ද යත් හිරුනිකාගේ උදරයේ පරිමාණය පවා වෙන් කර, විශේෂිත කර දක්වා ඇත. මේ අමනයන් සිතා සිටින්නේ කාන්තාවකගේ උදරය ඉදිරියට නෙරා එන්නේ අදාළ කාන්තාවගේ කුසතුළ දරුවකු පිළිසිඳ ගත්තේ නම් පමණක් ය යන්නය. මීට අමතරව මේ අමනයෝ හිරුනිකා ගැබිනියක බව ප්‍රකාශ කළා යැයි පවසන වෛද්‍යවරයාගේ ඡායාරුපයක් ද පළ කර ඇත. මේ සියලු අමනකම් ප්‍රදර්ශනය කිරීම හරහා මේ අමනයෝ බලාපොරොත්තුවන්නේ කුමක් ද? මැතිවරණයක් මුවවිට තබා වුව ද මාතෘත්වයට ගරු කරමින්, තම කුස තුළ පිළිසිඳගත් (එසේ වී ඇත්නම්) කලලය දරුවකු ලෙස මෙලොවට බිහිකරන්නට අධිටන් කරගත් කාන්තාවකට, මවකට අපහාස කිරීම ය. එය සමස්ත කාන්තාපරපුරට ම කළ නින්දාවකි. එමෙන් ම සමස්ත පිරිමි සංහතියම අවමානයට ලක් කිරීමකි. එහෙයින් මාතෘත්වයට ගරු කරන, මාතෘ පදවිය දරන කාන්තාවට ගරු කරන සියලු පිරිමි සහ ගැහැනු එක්ව මෙවන් අමනයන්ට එරෙහිව පෙළ ගැසිය යුතුය; උන්ගේ අමනකම්වලට එරෙහිව හඬ නැගිය යුතුය; මේ වෙනුවෙන් යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත හැකිනම් එවන් මාර්ගයකින් හෝ මෙවන් අමනයන්ට දඬුවම් ලබාදිය යුතු ය.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැදි පුවත්

හිරුණිකාගේ බඩ, සිංහල බෞද්ධ අශිෂ්ඨකමේ ප්‍රශ්නයක් !

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us