මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නීචයි!!! -සුනන්ද දේශප්‍රිය

Friday, 10 July 2015 10:20

( මෙම ලිපිය රාවය පුවත්පතට යොමු කරනු ලැබූ නමුත් එහි පළ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.)


මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවන්තතම කැතම කැත දේශපාලන පාවාදීම දැන් සිදුවී හමාරය. මහින්ද රාජපක්ෂ පාලනයේ භීෂණය සහ දූෂණය නැති කිරීමට මෙරට මහා ජනතාවගෙන් ජනවරමක් ලබා ගත් සිරිසේන දැන් එම ජනවරම සහමුලින්ම පාවා දී තමා විසින්ම මෑත කාලීන ශ්‍රී ලංකාවේ භයානකම පාලකයා ලෙස හදුන්වන ලද රාජපක්ෂ සමඟ දැන් සිරිසේන යහන් ගත වී හමාරය. වඩාම තුච්ච සහගත වන්නේ ඔහු විසින් මෙම පාවාදීම සිදු කරන ලද ආකාරය යි. එනම් සිය මිතුරු බලවේග ලෙස සළකනු ලැබූ සියලු පාර්ශවයන් බොරු සහ වංචා මගින් මුලා කරමින් බොරු බේගල් දෙසා බාමින් නීව ලෙස සිරිසේන, රාජපක්ෂ සමඟ දේශපාලන යහන්ගත වීම ය.

සිරිසේනගේ වචනයෙන්ම සිරිසේන දැන් සිය පාර්ලිමේන්තු මැතිවරණයේ නායකත්වය බාර දී ඇත්තේ මෙරට පහල වූ නින්දිතම සහ දුෂ්ඨතම දේශපාලනඥයා වූ රාජපක්ෂට ය‍.
එය කැතය. තුච්චය. නීචය.

ඔහු යහන් ගත වී ඇත්තේ රාජපක්ෂ සමඟ පමණක් නොවේ. තමා විසින්ම හොරුන්, වංචාකාරයින්, දූෂිතයින්, මිනීමරුවන් ලෙස හදුන්වන ලද පාපතර දේශපාලනඥයින් රැළක් ද සමඟ ය. මේ වනාහී එකිනෙකා සමඟ හැමකෙක්ම උන්මාදයෙන් ලිංගිකව නිදිවදින සාමූහික වියරු සහ අශිෂ්ඨ රංගනයක් වැන්න. එම තුච්ච රංගනයෙහි ලා කවරකු කවරකු සමඟ වියරුවෙන් නිදි වැදිය යුතු දැයි අණ දෙන්නා බවට සය මසකට පෙර මෙරට ප්‍රජාතන්ත්‍ර අපේක්ෂාවන්හි ද්වජ ධාරියා වූ මෛත්‍රීපාල සිරිසේන පත්වීම, අහෝ කොතරම් බේදයක් ද?

කැත ය. තුච්ජ ය. නීච ය.

මේ මිනිසා ජනාධිපති බවට පත් කරන ලද්දේ මෙරට අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ පනස් ලක්ෂය ඉක්මවූ ජන්ද දායකයින්, පන් ලක්ෂය ඉක්මවූ දෙමළ ජාතික සන්ධානයේ ජන්ද දායකයින්, එවැනිම වූ මුස්ලිම් ජන්ද දායකයින්, ලක්ෂ ගණනාවක් වූ සහ ජනතා විමුක්ති පෙරමුණේ ජන්ද දායකයින් විසිනි. දැන් ලැජ්ජා සහගත ලෙස මේ සිරිසේන නම් මිනිසා විසින් පවා දී ඇත්තේ එම සියලු දේශපාලන පක්ෂයන් විසින් තමාට ලබා දෙන ලද සහාය යි. ඔහු දැන් කටයුතු කරන්නේ තමා ජනාධිපතිවූයේ මහඹබුගේ මුඛයෙන් උද්පාද වීමෙනැයි සිතාගෙන වත් ද?

සිරිසේන විසින් කරන ලද මෙම දේශපාලන පාවාදීම විළිලැජ්ජාවක් ඇති මිනිසෙකුට කළ නොහැකි එකකි. ඇත්ත වශයෙන්ම නම් මේසා පාවාදිමකට වඩා සිය දිවි නසා ගත්තේ නම්, එය මෙරටට යහපතක් වීමට ඉඩ තිබුණු බව, සිරිසේන අප ඔබට කියා සිටිය යුතු ය.

තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් රාජපක්ෂ විසින් අඩි හයක් යට තමන් වළදමන්නට ඉඩ තිබුණැයි අපට කී, රාජපක්ෂ අගමැති වුවහොත් ඔහුට ජනාධිපතිවීමට ඇත්තේ එක් පතුරමක දුරක් පමණක් යැයි රටට කී සිරිසේන දැන් එම රාජපක්ෂ සමඟ එක්වී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අපෙක්ෂාවන් මත පහරමින් සිටින්නේ මේ ආත්මයේ දී ම බලු වූ සෙයකිනි. (රාජ්‍ය දේපල සොරකම් කරන්නවුන් ඊළඟ ආත්මයේ දී බල්ලන් සහ කපුටන් ලෙස උපදින්නේ යැයි සිරිසේන කීයේ පසුගිය 07දා ය.) සිරිසේන බලු වීමට ඊළඟ ආත්මය වන තෙක් නොසිටීමට තරම් පව්කාර වී තිබේ.
සිරිසේන නම් මෙම වංචාකාරී කපටි දේශපාලනඥයා විසින් අද වන විට පාවා නොදී ඇති කෙනෙකු නැති තරම් ය. සිරිසේනගේ පාවාදීමේ අභ්‍යාගයක මහත කොතෙක් ද යත් ඔහු සමඟ එක්ව දිවි පරදුවට තබා රාජපක්ෂ අධිපත්‍යට අභියෝග කළ රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්. කේ.ඩී. එස්. ගුණවර්ධන වැනි පිරිස් අද අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති දේශපාලන අනාථයින් බවට පත්ව සිටිති. තමා සමඟ එක්ව සටන් කළ සගයින් අනාථ කරනු ලබන දේශපාලනඥයකුට නීචයකු හැර කිව හැකි අන් විශේෂණයක් වෙත් ද?

සිරිසේන බලයට පත් වූයේ ශ්‍රී ලංකාව දූෂණයෙන් සහ භීෂණයෙන් තොර දේශයක් බවට පත් කිරීමේ පොදු මහජනතාවගේ අපේක්ෂාව නිසා ය. ඔහු එම අපේක්ෂාවේ සංකේතය බවට පත්විය. දැන් ඔහු විසින් පා පහර දී ඇත්තේ එකී පොදු ජන අපේක්ෂාවටයි.

සිරිසේන - රාජපක්ෂ සැලැස්ම වනු ඇත්තේ දැනටමත් දිනා ගෙන ඇති සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආපස්සට හරවා යළි රාජපක්ෂ අඥාදායකත්වය මෙරට පිහිටුවීම යි.

සිරිසේන දැන් දේශපාලන වංචාකාරයෙක් පමණක් නොව අන්තර් ජාතික බොරුකාරයකු ද බවට පත් ව සිටී. ඔහු විසින් යුද සමයෙහි මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රමිතීන්ට යටත්ව පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයක් පිහිටුවන බවට දෙන ලද පොරොන්දුව දැන් හිස් ය. එකී මානව හිමිකම් කෙළෙසීම්හි මුලික චූදිතයින් වන රාජපක්ෂවරු සමඟ නිදිවදින සිරිසේන කෙසේ එම පොරොන්දුව දැන් ඉටු කරන්න ද? පසුගිය මාර්තු මාසයෙහි ජිනීවාහි මානව හිමිකම් කොමිසම ඉදිරියෙහි ශ්‍රී ලංකාන්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ජනාධිපති සිරිසේනට දැන් නොහැකි ය. මෙරට දෙමළ ජනයාට සාධාරණය ඉටු කිරීමට කිසිදු සිංහල නායකයකු සමත් නොවන බවට දේශීය සහ අන්තර් ජාතික දෙමළ ප්‍රජාව විසින් ගෙනෙන ලද තර්ක සිරිසේන, රාජපක්ෂ සමඟ යහන්ගතවීම මගින් දැන් සනාථ කර තිබේ.

අන්තර් ජාතික තලයෙහි රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් දිනා ගන්නා ලද මහඟු ජයග්‍රහණයන් නොපිට පෙරළීම ජනාධිපති සිරිසේනගේ මෙම පාවාදීමෙහි තවත් දරුණු විපාකයක් විය හැකි ය.
ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකාව යළි බිහිසුණු අගාධයකට ගෙන යාහැකි දේශපාලනයකට පාර කපා තිබේ. මෙරට දෙමළ සහ මුස්ලිම් ජනයා තමා කෙරෙහි තැබූ විශ්වාශය අලුයම ලූ කෙළ පිඩක් සේ තූතූ කර දැමූ සිරිසේන ශ්‍රී ලංකාව යළි වාර්ගික අවිශ්වාශයේ එලිපත්ත මතට ගෙනැවිත් තිබේ.
මෙරට අබිමුව ඇති සමස්ත අගාධයෙන් අපට ගොඩ යා හැක්කේ සිරිසේන මෙන්ම රාජපක්ෂවරුන්ද ප්‍රතික්ෂේප කැරෙන මහා මැතිවරණ ප්‍රතිඵලයක් මගිනි. ඒ සඳහා ගොනු කළ හැකි සියලු බලවේග එක් කර ගැනීමත් සියලු ශක්තීන් එක මිටකට ගැනීමත් අද දවසේ අභියෝගය යි.

සිරිසේන ඉතිහාසීය වශයෙන් කැතයෙක්, තුච්චයෙක් සහ නීවයෙක් බවට පත් වීම දැන් සහතිකය. දැන් අප හමුවේ ඇත්තේ එම ක්‍රියාදාමය වේගවත් කොට අයිතීන් දිනා ගැනීමේ අරගලය පෙරට ගැනීමයි.

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us