එගොඩ යෑමට හෝ මෙගොඩ යාමට කාලයයි

Sunday, 12 July 2015 19:02

එගොඩ යෑමට හෝ මෙගොඩ යාමට අපේක්ෂාවෙන් සිටින ඡන්ද අපේක්ෂකයන් මේ වන විට ඒ උදෙසා විවිධ උත්සාහයන්හි නිරතවෙමින් සිටිනවා නියතය.අනෙක් අතට ජනතාව ද බලාපොරොත්තු වන්නේ තමන්ට ගොඩයා හැකි පරිසරයක් උදාවීමය. ඔවුන් බලාපොරොත්තු පොදි බදින්නේ නිදහසේ ජීවත්විය හැකි බඩ වියත රැකගත හැකි හෙට දිනයක් උදෙසාය. හෙට දිනය උදෙසා දිනපතා බලාපොරොත්තු පොදි බදින මිනිස් සමාජයක පොදුවේ මිනිස් වර්ගයා බලාපොරොත්තු තුළම ජීවත් වෙති .මේ අතර සමහරුන්ගේ බලාපො‍රොත්තු තුළින් සමස්ත සමාජයම රටම ඇද දමන්නේ අගාධයකටය.ජනතාව එවන්වූ අගාධ සමයකින් ගොඩ ආවා පමණකි. නමුත් කණගාටුවට කරුණක් වන්නේ ජනතාවට එගොඩවීමට හෝ මෙගොඩ වීමට සිතා පත්කර ගන්නන් අවසානයේ ජනතා අපේක්ෂා තුට්ටුවකට මායිම් නොකිරීමයි.පවතින අප්‍රසන්න දේශපාලන රාමුව තුළ හුදු පුද්ගල මුහුණු රහුවකින් පමණක් වෙනස් කළ නොහැකිය.අවශ්‍යව ඇත්තේ දේශපාලන ක්‍රමයේ පැහැදිලි වෙනසකි.

ජනවාරි 08 වනදා මෙරට ජනතාව සිය පරමාධිපත්‍ය බලය තුළින් ලොවට ප්‍රත්‍යක්ෂ කර පෙන්වූ කාරණයක් විය.එනම් ඕනෑම ඒකාධිපති පාලකයෙකු එළවා දැමීමට හැකි බවට ලාංකීය ජනතාව ඉතිහාසයට එක්කලේ අගනා පාඩමකි. කිසිදා පරදවන්නට නොහැකි බවට විරාජමානව බලයෙන් අන්ධව කටයුතු කළ මහින්ද රාජපක්ෂ නම් රජාගේ බලපරාක්‍රමය නිහඩ විප්ලවයක් මගින් බිද දැමීමට ඔවුන්ට හැකිවිය. මෙය අනාගතයේ බලයට පත්වන්නන්ටද අගනා පාඩමක් ලෙස සනිටුහන් වනු ඇත.

නමුත් මෙහි ඇති අවාසනාවන්ත හා ඛේදනීය තත්වය වන්නේ ජනතාව සිදුකළ නිහඩ විප්ලවයේ ප්‍රතිඵලය වූ මෛත්‍රීපාල සිරිසේන විසින් ජනවරම පාගා දැමීමට කටයුතු කිරීමය. මේ මොහොත වන විට ඔහුට තිබූ පිළිගැනීම විශ්වාසය කඩවී හමාරය.ඊට වගකිය යුත්තා වන්නේ වෙන කිසිවෙකුත් නොව ජනාධිපතිවරයාම වීම මෙහි ඇති අනෙක් අවාසනාවන්ත තත්වයයි. මේ තත්වය කිසිවෙකුත් අපේක්ෂා කළ දෙයක් නොවන අතර අපරාධ ,වංචා දූෂණ ,ජඩකම් බදුකම් සිදුකළ සියල්ලන්ට දඩුවම් නොකර නොදැක්කාමෙන් සිටියා යැයි තමාම පාපොච්ඡාරණයක නිරත වූ මහින්ද රාජපක්ෂ නම් මිසදිටු පාලකයාව යළි බලයට ගෙන ඒමට ලක්ෂ 62 ක්වූ ජනතාව‍ගේ ජනවරමෙන් බලයට පැමිණි පුද්ගලයා කටයුතු කිරීම මහා ද්‍රෝහිකමකි. අනෙක් අතර ජනාධිපතිවරණ වේදිකාවේ සහ ජනාධිපතිවීමෙන් පසුව වූවද ඔහු පැවසුවේ හිටපු ජනපති සිදු කළ මැරකම් ජඩකම් සහ බියවැද්දීම් ගැනය.හිටපු ජනපති ජය ගත්තානම් අඩි 6ක් යට තමාට නිදන්නට වන බවය.එවන් වූ මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒමට තමා කිසිදා කටයුතු නොකරණ බවය.

නමුත් සිදුවූයේ අනෙකකි. ඔහු සිදු කර ඇත්තේ ජනතාව ඉදිරියේ එකක් පවසා පක්ෂය තුළටවී තව දෙයක් සිදු කිරීමය. අවසානයේ මුල් තැන දුන්නේ රට යකාට ගියාදෙන් කියා තමා අයත් වූ පක්ෂයටය. මේ හැසිරීම හා තීරණය ජනතා විශ්වාසය පළුදු කිරීමකි. මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපතිපාලකයා ගෙදර යැවූ දා මෙරට ජනතාව තමන් ජය ගත් බවට ප්‍රීතිඝෝෂා නැගූ බව ජනාධිපතිවරයාට මතක නැතුවා විය නොහැකිය. ජනාධිපති වීම සමග ජනතාවට වූ පොරොන්දු අද අතරමග අතරමංකර ඇත. දූෂිත පාලකයාව ආපසු බලයට ගෙන ඒමට තීන්දු කළ මොහොතේ මෙරට ජනතාවගේ ජනවරමට තමා පිටුපාන බවට හෘද සාක්ෂිය හඩනැගුවේ නැතිවාද?.දේශපාලනයේ පරිනත සන්සුන් නිහතමානී ආදර්ශමත් සදාචාරවත් දේශලපාලකයා කොහි සැගවුණිද යන්න ගැටලුවකි.මෙය ඉතිහාසයේ නොවූ විරූ තරමේ පාවාදීමකි.ඔහු සිදු කර ඇත්තේ සියල්ලන්ම රැවටූ රංගනයකි.

කෙසේ වෙතත් දැන් පාර්ලිමේන්තු නිළවරණයට දින නියම කර ඇත.ඒ අනුව අගෝස්තු 17 වන දා මහ මැතිවරණය පැවැත්වේ .ලංකාවේ මෙතුවක් කල් මැතිවරණ පවත්වා ඇතත් මෙබදු වූ මැතිවරණයක් කිසිදා පවත්වා නැතුවාට සැකයක් නැත.හොරුන්ගේ ග්‍රීෂ්මයෙන් මහපොළව උණුසුම්ව උෂ්ණ සමයේ උෂ්ණය වැඩිවූවාට සැකයක් නැත. හොරුන් හෙළිකර හොරුන්ට දඩුවම් දී ජනතාවට සාධාරණයක් ඉටු කරනු ඇතැයි සිතා ජනතාවට සිසිලසක් දැනුනා පමණි. ඉහමොළ රත්වන තරමේ වූ ජනාධිපතිවරයා‍ගේ තීරණයෙන් හොරු රැළ සැනසෙද්දී යළි යළිත් රටපුරා ග්‍රීෂ්මයේ රස්නය දැනෙන්නට පටන්ගෙන ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවීම සඳහා දිවි පරදුවට තබා සටන් කළ දැවැන්ත දේශපාලන බලවේග සියල්ල මෙවර මහ මැතිවරණයේදී ‘අලියා’ ලකුණින් තරග කිරීමට තීන්දු කර තිබේ.යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ අවබෝධතා ගිවිසුම අරලියග මන්දිරයේ දී අද(12) අත්සන් කර තිබේ.

දැන් මෛත්‍රීපාල සිරිසේනට ඉතිරිව ඇත්තේ මහින්ද සහ හොර කල්ලිය පමණි. පසුගිය රාජපක්ෂ පාලන සමයේ දේශපාලඥයින් දෙදෙනෙකුට පවා නිදහසේ කතා කළ නොහැකි වූයේය. එය රාජපක්ෂගේ සැකයට හේතුවේ.නිදහසක් නැතිව පීඩාවෙන් ගතකළ දේශපාලනඥයින් පෙරට වඩා පුළුල්ව කල්පනා කරන බව අපට වැටහී තිබේ. රට දාමරික පාලනයකින් මුදා ගැනීම පටු වාසි නොතකා එක්ව ඉදිරියට කටයුතු කිරීමට පුළුල් බලවේගයක් ලෙස සැරසීම වැදගත් පියවරකි.

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකායා වූදා දේශපාලනය යන්න කාළගුණය බදුයි කිව හැකි වූයේය.පසුව මෛත්‍රීපාල සිරිසේන විසින් පැරදුනු පාලකයාව බලයට ගෙන ඒම තුළ එය තවතවත් පැහැදිලි වූයේය.ඒ පැත්තේන් මේ පැත්තට පැන පොදු අපේකෂකයා වූ පුද්ගලයා පිළිබදව මෙබදුවූ ස්වරූපයක් අපේක්ෂා නොකළත් පනින රිලවුන්ට ඉණිමං බැන්දා ව‍ාගේ ස්වරූපයක් නැතුවාද නොවේ.කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ උගුලට අසුවූ ජනාධිපතිවරයා සිය සැබෑ හිතවතුන් සියලු දෙනා අහිමි කර ගත්තේය.

ඉදින් අපි මේ රංගනය දෙස බලා සිටිමු ජනාධිපතිවරයා පක්ෂ දේශපාලනයට කොටු වී ජාතික දේශපාලන භූමිකාවට පණ දීම පැහැර හැරීම බරපතල වරදකි. ලාංකිය ජනතාවට පොරොන්දු ඉටු නොකළ තාැන,විශ්වාසය කඩකළ විට ජනතාව අනේ පව් කියා නම් නොසිතනු ඇත මෙවරද ජනතාව අගනා පාඩමක් උගන්වනු ඇත.ජනතාවගේ ඡන්දය සූදුවක් කර ගන්නට මාන බලන්නන්ගේ සූදුවට අවසාන තිත තැබීමට කාලය එළඹෙමින් පවතී. ඒ අනුව මෙදා පාර ජනතාව ඡන්ද දායකයන් ලෙස මෛත්‍රීලා මහින්දලාව එකට තබා පරද්දනු ඇත. දැනටමත් ඒ ස්ථාවරය සමාජගත වී හමාරය.

ලක්මාලි පන්නල

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us