සොඳුරු ආඥාදායකයාගේ පැමිණීම හා පොදු අපේක්ෂකයාගේ නික්ම යාම.. Featured

Saturday, 10 November 2018 18:07

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඔව්, එහි ‍තේරුම ළඟ ළඟම ඡන්දයක් එනවා කියන එකය. ජනාධිපති සිරිසේනට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරමින් සිටින කාලයකි.

ඒ නිසා මේ ව්‍යවස්ථා හෑල්ල පිළිබඳව බිඳකුදු සටහන් කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. මන්ද ප්‍රජාතන්ත්‍රවාදය දැන් විෂ්ණු ශර්මන්ගේ පංචතන්ත්‍රය වැනිය. උපදේශ වැහි වැහැලාය. අරක කළොත් මේක වෙනවාය. මේක කළාම අරක වෙනවාය. ඒත් මෙහෙම පුළුවන් නම් මීට අමතරව මේක වෙනවාය යනුවෙන් අණ්ඩර දෙමළයක් එහි ඇතුළත්ය. කොටින් ම කිව්වොත් රටේ උත්තරීතරම ලියැවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි කීමම දැන් ජෝක් එකක් වී හමාරය.

පුරවැසියන් වසර 5ට වරක් රටක නායකයෙක් පත් කර ගන්නේ සිය පරමාධිපත්‍යය බලය භාවිත කරමින් ය. පුරවැසි පරමාධිපත්‍යයට දේශපාලනයේ දී ඕනෑම දෙයක් කළ හැකි බව දන්නා දේශපාලනඥයෝ පුරවැසියා සමඟ ඩීල් දමන්නේ තමන් බලයට ආ පසු කරන කියන දෑ පිළිබඳව දහසක් පොරොන්දු දෙමින් ය. අපේ සිරිසේන ජනාධිපතිවරයා ද එසේමය. දහසක් බලාපොරොත්තු දුන්නේය. රටේ යහපාලනය ස්ථාපිත කළේය. යූ එන් පී ඡන්දවලින් හා පාවෙන කතිරවලින් ගොඩ ගිය සිරිසේන ගැන බොහෝ දෙනා පැහැදුණේය. හැබැයි රාජපක්ෂවාදීන් හිටියේ සිරිසේන සමඟ කෝපය මුසු කළකිරීමකින් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

හපාලනයේ අනුහස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ උපන්දිනයේ දී ජනාධිපති වු සිරිසේන බණ්ඩාරණායක ප්‍රතිපත්ති අනුව යාමට සපථ කළේය. රටේ යහපාලනය ස්ථාපිත කිරීමේ ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග රාශීයක් ගැන ඔහු විසින් කතා කළේය. රාජ්‍ය ආයතනවල පක්ෂ බේදයකින් තොරව සියුල දෙනාට වැඩ කළ හැකි විය. රාජ්‍ය සේවා බඳවා ගැනීම් විනිවිදභාවයකින් සිදු විය. ජනාධිපතිගේ රුව රාජ්‍ය මාධ්‍ය යේ නිතර නිතර දකින වාර අවම විය. ආර්ථිකයේ නැගීමක් හා රට පැටළි සිටි ණය උගුලට විවිධ විසඳුම් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඇමති මණ්ඩලය සමඟ එක්ව සිදු කිරීමට රජය සමත් විය. අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍ර වල දැවැන්ත වෙනස්වීම් සිදු විය. 19 වන සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ පනත, ජනාධිපති බලතල අඩු කිරීම, ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සිදු විය. මේ යහපාලනයේ අනුහසින් සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් ය.

තුන් තකතීරුකම්

රාජපක්ෂලාගේ හොර මැරකම් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණ පිහිටුවීය. එහි පළමු නඩුව අහන්නට පටන් ගත්තේය. හතර පැත්තෙන් මහින්දගේ හොර නඩය හිර වෙන අයුරු දුටු පොහොට්ටු කල්ලිය සිරිසේනගේ නිළ අල්ලන්නට මාන බලමින් සිටියේය.
මුලින්ම යහපාලන දීගය අවසන් කිරීමට නම් ජනාධිපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ අතර විරසකයක් නිර්මාණය කළ යුතුය. ඒ විරසකයේ ප්‍රතිඵලය පහුගිය ඔක්තෝබර් 26 වැනිදා එළියට පැන්නේය. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ජනාධිපති සිරිසේන එදා ආප්ප කා එළියට බැස්ස පසු නන්නත්තාර වීමට ගිය ඔහුගේ ‍දේශපාලන ජීවිතයට උපකාර කළ එජාපය ඇතුළු හිතවාදීන්ට කොකා පෙන්නුවේ ඒ අයුරින් ය. එය සිදුවන තෙක් මේ වගේ තුන්තකතීරුකම් කරනු ඇතැයි වික්‍රමසිංහ අගමැතිවරයා හීනෙන්වත් නොසිතන්නට ඇත.
සිරිසේන කළ තුන් තකතීරුකම් අතරින් පළමුවැන්න නම් රාජපක්ෂට අගමැතිකම දීමය. දෙක ජන මහිමය වේදිකාවේ හිඳ රනිල් ගේ ලිංගිකත්වය ගැන නන්දෙඩවීමය. සමනළ කතාවක් ගැන කියමින් සභාවේ හුරේ මැද වීරයා වීමය. තුන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය.

මහින්දගේ ලණුව කෑ සිරිසේන දැන් අසරණ වී සිටින්නේය. අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සමඟ අත්වැල් බැඳ ගැනීමට පිරිසක් තීරණය කර තිබේ. ඒ අතරේ ජාත්‍යන්තරයෙන් එන බලපෑම් දෙගුණ තෙගුණ වෙමින් පවතී. ආයෝජකයෝ රට හැර යති. සංචාරකයෝ සිය ගමන්වාර අවලංගු කරති. රටේ එදිනෙදා ජීවිත අඩාල වී තිබේ. එදා ජනවාරි 8 විප්ලවයේදී සිරිසේනව විශ්වාස කරමින් දිවිහිමියෙන් සටන් වැදුණු පිරිස් රාජපක්ෂගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන කාලයකි.

සොඳුරු ආඥාදායකයාගේ නැවත පැමිණීම..

රාජපක්ෂලාආරම්භයේ සිටම මේ රටේ ඇති කළ චණ්ඩි දේශපාලනය අවුරුදු 10ක් යන විට ජනතාවට සාමාන්‍ය දෙයක් විය. යුද්ධය නැමති පිරුවටය උඩට හැඳ ප්‍රජාතන්ත්‍රවාදය අමුඩයක් බවට පත් කළ රාජපක්ෂගේ මහත් හොරු ජනතාව ලස්සනට රැවටුවෝය. නීතිය වල් වැදිණ. මිනිස් අයිතිවාසිකම් මහ දවාලේ උල්ලංඝනය විය(ඒවා මෙහි සඳහන් කිරීමට ගියොත් මේ ලිපිය දිගු වන නිසා සඳහන් නොකරමි). ඒ දස වසරක අඳුරෙන් රට මුදා ගනු වස් සටන් කළ මිනිසුන් රාජපක්ෂ පාලනයේ නිරුවත මේ වසර තුන තුළ හෙළි කළෝය. දැන් අර පොදු අපේක්ෂකයා පොලු අපේක්ෂකයෙක් වී අවසන්ය. සොඳුරු ආඥාදායකයා යළිත් දේශපාලන කරළියට පැමිණ තිබේ.

සිරිසේනගේ ලිංගික අපයෝජනය

යම් හෙයකින් ලබන ඡන්දයෙන් මරා - සිරා විරෝධී කණ්ඩායමට බලය අත්පත් කර ගත නොහැකි වුවහොත්...

මෙතෙක් ස්ථාපනය වෙමින් පැවති නීතියේ ආධිපත්‍යය හා වගවීමේ සංකල්පය ආපස්සට යනු ඇත. 2015දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා ශ්‍රී ලංකා රජය එක්ව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් ගෙන ගිය ක්‍රියාමාර්ග සුන්නද්ධූලි කරනු ඇත. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ වසර තුන තුළ සිදු කළ දෑ රාජපක්ෂගේ පැමිණීමත් සමඟ ජාතිවාදය, ආගම්වාදය වපුරන යුගයක් උදා කරනු ඇත.

නැවතත් මත් පෙති, වඳ පෙති සිදුවීම් කරළියට එනු ඇත. පල්ලිවලට කරනු ලබන පහර දීමේ සිද්ධි හා වෙළඳසැල් ගිනි තැබීම්, අපහාස, චෝදනා සිදුවීම් යළි ඇසෙනු ඇත. ආණ්ඩුවට විරුද්ධව හඬ නගන මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන් මහ දවාලේ ඝාතනය වෙනු ඇත. 2012 – 2014 කාලය තුළ අන්තවාදී බෞද්ධ කණ්ඩායම් විසින් සිය 2500ක ආගමික හා සංස්කෘතික වට්නාකම් අස්සේ හැංගෙමින් තවදුරටත් නැගී සිටිනු ඇත.

ඉතින් යම් හෙයකින් මහින්ද රාජපක්ෂ රටේ බලය යළි අල්ලා ගතහොත්... ජනාධිපති සිරිසේනගෙන් ලිංගික අපයෝජනයට ලක් වූ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බබා හම්බු වෙන්නේය. නමුත් බබා අවජාතක වනු ඇත. මන්ද සිරිසේන තමන් බබාගේ තාත්තා යැයි පිලිගන්නේ නැත, එහෙම ශිෂ්ටකමක් ඔහුට නැත.

ප්‍රව්දා සිවකුමාර්

Last modified on Saturday, 10 November 2018 18:12

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us