හිටපු මන්ත‍්‍ර කුමාර වෙල්ගම කළ යහපත් ප‍්‍රකාශයක් අද සුභාෂිත කල්පනා අතරට එක්වේ.පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ලබන අපේ‍්‍රල් තෙක් පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට පෙර විසුරුවා හැරිය බව රහසක් නොවේ.ජනවාරි 9 වෙනි දා පත්වූ නව විධායක ජනාධීපති තමන්ට පැවරුණ බලය අනුව නව මහා මැතිවරණයක් කැඳවා ඇත. ඒ කාලයට උචිත ජනතා ප‍්‍රාර්ථනා රටේ නීති බවට පත් කළ හැකි සදාචාර සම්පන්න පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා ගත යුතු නිසාය. එහිදී බලු දම්වැල් දමාත් හදන්ට බැරිවූ එවුන් නීති හදන තැනට නො එවීමට ජනතාව වග බලාගත යුතුවේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය භේද නො කරන ලෙස ඩලස් අලහප්පෙරුම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන් ඉල්ලීමක් කර තිබිණ. අතීතයේ ඩලස් අලහප්පෙරුම නමින් මාධ්‍ය වේදියෙකු ජීවත් විය. ඔහු එජාපයේ 17 අවුරුදු පාලනය මිනී කන්නන්ගේ දේශය ලෙස නම් කළ අයෙකි. කලක් මන්තී‍්‍ර ධුරයක් දැරූ ඔහු 2001 දී අමෙරිකාවට ගියේය. ඒ මිලින්ද මොරගොඩගේ උදව්වෙනි. එසේ අමෙරිකා යාමට බඩු බඳීන ඩලස්ගේ පින්තුරයක් පවා එකල මිලින්ද මොරගොඩ සිය ප‍්‍රචාරණයට යොදා ගත්තේය. ඩලස් නැවත දේශපාලනට එන්නේ මහින්ද සමග ය. ඒ ප‍්‍රභාකරන්ට අල්ලස් දී උතුරේ ඡන්ද නවත්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බෝම්බ ගැසිම සමගය. පසුව ඩලස් මහින්දගේ ප‍්‍රවාහන ඇමති විය. රට හොල්ලා ගෙන්වූ දුම්රිය මැදිරි ගණුදෙනුවේ හුටපටයක් නිසා ඩලස් තරුණ කටයුතු ඇමති ලෙස මහින්ද විසින් ඩිමෝට් කළේය. නමට තරුණ කටයුතු ඇමතිවූ ඩලස් සිටියේ නාමල්ට සර් කියන තැනට වැටිලාය.

ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

මෙවර මැතිවරණය ජාතිවාදීන්ට දූෂිතයන්ට වංචාකරුවන්ට අපරාධකරුවන්ට තියුණු පරාජයක් අත් කර දෙන තීරණාත්මක මැතිවරණයක් බවට පත් කර ගත යුතුය. මෙරට මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදාය ආරම්බ කළ දින සිට එම ක්‍රමය බරපතලම අර්බූදයකට ලක් වූයේ පසුගිය රාජපක්ෂ පාලන සමය තුලය. දූෂිතයන්, වංචාකරුවන්, ජාතිවාදීන් පෙර යුගයේ සිටියා නමුත් මෙතරම් කලකණ්නි යුගයක් ඉතිහාසයේ තිබුණේ නැත.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප්‍රයත්නයක් වශයෙනි.

දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු ඇත. ඊළඟට, කෙනෙකු දේශපාලනයට එන්ට කලින් ගත් ඡායාරූපයක් සමග දේශපාලනයට ඒමෙන් පසු ගත් ඡායාරූපයක් සසඳා බලන්න. ඒ දෙවැනි ඡායාරූපයේ ඉන්නේ, බෙල්ල පිම්බුණු, බඩ ඉදිමුණු, ඇඟ ඈරූ යෝධයෙකි. එය ආරය අනුව ඇති වූ වෙනසක් නොව, චාරය අනුව ඇති වූ වෙනසකි.

කිසිවෙකුගෙන් සද්දයක් නැත.

සෙනෙවි සහෝදරයා (කමල් දේශප්‍රිය) මිය ගොසිනි.

කවුද ඒ? කිසිවෙකු විමසනු ඇත.

“අපේ රටේ ජීවත්වන පුරුෂයන් සමග ලිංගික සබඳතා පවත්වන පුරුෂයන් අතර කාන්තාවන් ලෙස හැඩවුණු පිරිමි අය ඉන්නවා. ප්‍රාථමික සමාජයක මිනිසුන් මෙන් ඔවුන් විහිලු තහළුවලට ලක් කරනවා. විරුද්ධ ලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් සමලිංගික සබඳතා පවත්වන පුද්ගලයන්ට බැණ වදිනවා. අපහාස කරනවා. සමලිංගිකත්වය සාමාන්‍ය මානසිකත්වයක්” මේ ප්‍රකාශය මා උපුටා ගත්තේ UNAIDS ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග මහතා ජනමාධ්‍යයට කළ ප්‍රකාශයකිනි.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us