22 හැවිරිදි ඇය නමින් යෙලෙව්වාය.
බැංගලෝරයේ සිට කිලෝ මීටර 400ක් ඈතින් යඩ්ගාර් දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණා ගඟ මැද පිහිටි දූපතක ඇයට තමන් සිටින දූපතේ සිට ගොඩබිමට යා හැකි එකම මාර්ගය පහුරක් පමණි.
මෝසම් වැසිවලින් ප්‍රචණ්ඩ වූ ගඟේ පහුරකින් යා නොහැකි වීම නිස ඇය මෙලෙස එගොඩට පීනා ගිය බව පවසයි.
‘‘ මට මගේ දරුවා ආරක්ෂා සහිතව ලැබීමට වුවමනා වුණා. ගමේ වෛද්‍ය මධ්‍යස්ථානයක් නොතිබූ නිසා දරුවා ගෙදරදී බිහිකරන්න වේයැයි බිය වුණා. මෝසම් වැස්ස සමග ගඟ ප්‍රචණ්ඩ වන නිසා මට පහුරකින් එගොඩට යා නොහැකි වනවා. ඒ නිසා මා පිහිනා ගොඩට ආවා. “
ගම්වාසීන් සහ වෛද්‍යවරුන් පවසන්නේ ඇගේ පිහිණීම විශ්මය ජනක බවයි. ඇය ගඟ හරහා පිහිනා ඇත්තේ ගඟේ ජල මට්ටම අඩි 12 සිට අඩි 14 දක්වා වැඩි වී තිබිය දී ය. ගඟ එවැනි තත්ත්වයක තිබිය දී පිහිනීමට පළපුරුදු අයකු පවා මෙලෙස පිහිනා නොයන බව ගැමියෝ පවසති.
‘‘දරුවා සම්බන්ධයෙන් තිබූ අධිෂ්‍ඨානය මගේ බය දුරු කළා. මගේ සහෝදරයන් සහ පියා මට උදව් කළා. ඔවුන් වේලුණු කුහර සහිත වට්ටක්කා ගෙඩි සහ ලබු ගෙඩි එකට ගැට ගසා ඒවා මගේ බඩ වඩා එල්ලුවා. දිය මත පාවීමේ දී එය මට විශාල රුකුලක් වුණා. මගේ සොහොයුරා ඉදිරියෙනුත් පියා පිටුපසිනුත් මට ආරක්ෂාව දෙමින් පිහිනුවා. කෙසේ වෙතත් මේ ගමනට පැයක පමණ කාලයක් ගතවුණා. ‘‘
ගඟ දිගේ පිහිනා ආ ඇය දැන් රෝහල අසළ ම ඥාති නිවසක සුවෙන් පසුවෙන්නීය.
රෝහලේ වෛද‍්‍යවරිය මෙසේ කියයි.
‘‘ මා මේ රෝහලේ වසර හතක් සේවය කළා. වරින් වර ඇතැම් අය පිහිනා ගොඩට පැමිණ රෝහලට එනවා. නමුත් ගඟ හරහා පිහිනූ කාන්තාක් දුටු පළමු අවස්ථාවයි. ඇගේ විශේෂත්වය වන්නේ ඇය මාස නමයක ගැබිණියක් වීමයි. “
ඇය ඉතා නිරෝගී සුවයෙන් පසුනවන බව වෛද්‍යවරු පවසති.