විස්කම් සැත්කමින් බිළිදිය බේරා ගනී

Published in විදෙස්
Wednesday, 20 August 2014 12:25

හෘදය හා පෙනහලූ සම්බන්ධ කෙරෙන රුධිර නාළ ඉතා අසාමාන්‍ය ලෙස පිහිටා තිබීම නිසාවෙන් ජීවිතයත් මරණයක් අතර සටනක නිරතව සිටි කුඩා බිළිදියකගේ ජීවිතය විශ්මිත සැත්කම් දෙකකින් පසු බේරා ගැනීමට බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු පිරිසක් සමත්වූහ.

සති දෙකක් වන චෝල් බෙනට් ලෙස නම් තබා ඇති මේ බිළිඳිය මේ වන විට බරපතල ගණයේ සැත්කම් දෙකකට මුහුණදී ඇත.

ඇයගේ මව වන ස්ටෙෆනි බෙනට් පවසන්නේ දරුවා ලැබීමට සති 20 කට පෙර සිදුකෙරුණු පරිලෝකන පරීක්ෂාවේදී දරුවාගේ හෘදයේ අසාමාන්‍ය පිහිටීමක් ඇති බව හදුනාගැනීමට වෛද්‍යවරුන්ට හැකිවූ බවයි

‘‘ඔවුන් කීවා දරුවාගේ හෘදයට පෙනහලූ වලින් රුධිරය සපයන නාළ සම්බන්ධ වෙලා තියෙන ආකාරයේ වැරැද්දක් තියෙනවා කියලා.ඒ කියන්නේ දරුවාගේ රුධිරය එක්ක ඔක්සිජන් මිශ‍්‍ර වන්නේ නැහැ කියලා ඔවුන් පැවසුවා.ඒ කතාව අහපුවම මගේ ලෝකයම කඩා වැටුණා වගෙයි දැනුනේ‘‘ ඇය කීවාය.

කෙසේනමුත් උත්සාහය අතහැරීමට කටයුතු කළේ වෛද්‍ය පිරිස නම් නොවේ.දරුවා ඉපැදුනු විගස ඇයගේ තත්ත්වය තාවකාලිකව මගහැරවීමට සැත්කමක් සිදුකිරීමට ඔවුහු සූදානමින් සිටියහ.

උපත ලබා පැය 3 ක් ගතවීමට මත්තෙන් කුඩා චෝල් තම පළමු සැත්කමට මුහුණ දුන්නාය.ඇයගේ රුධිරය හා ඔක්සිජන් මිශ‍්‍ර කරවීම සදහා වෛද්‍යවරු ඇයගේ නාභියේ සිට හෘදය දක්වා බටයක් ඇතුලූ කළහ.එම බටය ආධාරයෙන් ඇයගේ රුධිරය හා ඔක්සිජන් මුසු කිරීම සිදුකෙරුණි.

‘‘මට දරුවාව අතේ තියාගන්න ලැබුණේ තත්පර ගණනයි.ඔවුන් අය මාගෙන් ඉවතට රැගෙන ගියා.පස්සේ මම සනීප වෙලා ඇයව බලන්න ගියාම මට දකින්න හැකිවුනේ බට ගොඩක් සිරුරට එහෙන් මෙහෙන් සවිකරලා තිබුණු මගේ කුඩා චෝල්ව.නමුත් ඇය ජීවතුන් අතර සිටියේ.මම දෙවියන් යැද්දා ඇයට කිසිත් අනතුරක් නොවන ලෙසට.‘‘ මව වන ස්ටෙෆනි පවසන්නීය.

මෙම තාවකාලික ක‍්‍රමය ආධාරයෙන් චෝල්ව ජීවතුන් අතර තබාගැනීමට වෛද්‍යවරු සමත්වූහ.ඇය ඉපිද දවස් 7 ක් ගතවූ තැන දෙවන සැත්කමද ඔවුහු සිදුකළහ.

‘‘ඒ සැරේ කළේ ඇයගේ හෘදයේ සිට පෙනහලූවලට හරි විදිහට සම්බන්ධ වෙලා නොතිබුණු රුධිර නාළ ටික සම්බන්ධ කරන එක.ඇයගේ හෘදය කෙතරම් කුඩාද කියනවාවනම් ඒක පෙනුනේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ.දෙවියන්ගේ පිහිටෙන් සැත්කම සාර්ථක වුනා‘‘ ස්ටෙෆනිගේ මුහුණේ සතුට ඉතිරේ.

දැන් චෝල් සිටින්නේ ඇයගේ නිවහනේය.ඇයගේ සොහොයුරන් දෙදෙනා හා සොහොයුරිය ඇයව හොදින් රැකබලා ගන්නෝය.

‘‘ඇයට සැත්කමක් කරලා කියලා සාක්කියකට තියෙන්නේ ඇයගේ ළැමේ තියෙන කැළල විතරයි.ඇය අපට කිසිම අයුරකින් කරදර කරන්නේ නැහැ.ඇය නිතරම සිනාවෙන් තමයි ඉන්නේ‘‘ තම දියණිය තුරුලූ කරගනිමින් ස්ටෙෆනි පවසන්නීය.

kk3

 

kk4

Last modified on Wednesday, 20 August 2014 12:36

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us