චීනයට බොර තෙල් සැපයීම ඉරානය අත්හිටුවයි

Published in විදෙස්
Friday, 05 January 2024 21:18

චීනයට බොර තෙල් සැපයීම තාවකාලික ව අත්හිටුවීමට ඉරානය කටයුතු කර තිබේ.

දෙරට අතර බොරතෙල් වෙළෙඳාම නැවතී ඇත්තේ, ඉරානය විසින් සිය නිෂ්පාදන සඳහා චීනයෙන් වැඩි මුදලක් ඉල්ලීම හේතුවෙනි.

චීනය, ඉරානයේ බොරතෙල් ගැනුම්කරුවන් අතර ප්‍රමුඛයා ලෙස සැලකෙයි.

ලොව විශාලතම බොරතෙල් අපනයනකරු ලෙස ඉරානය සැලකෙයි.

2023 ඔක්තෝබර් මාසයේ දත්ත අනුව චීන බොර තෙල් ආනයනයෙන් 10%ක් සපුරා තිබුණේ ඉරානය විසිනි.

ඉරානයේ තීරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිලට බලපෑමක් එල්ල වෙතැයි අනුමාන කෙරෙයි.

මේ අතර, දිනකට තෙල් බැරල් 300,000ක් නිෂ්පාදනය කරන සහරා කතරේ ලිබියාවට අයත් කොටසේ පිහිටි එරට විශාලතම තෙල් බිමේ නිෂ්පාදනය නතරවීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3%කින් පමණ ඉහළ ගොස් තිබේ.

සහරා කතරේ උබාරි කලාපයේ ගෝත්‍රික ජනතාව, තමන්ට අලෙවි කරන තෙල් මිල ඉහළ යාම සහ ආර්ථිකමය අවස්ථාවන් නොලැබීම නිසා සිදුකරන විරෝධතාවන් මෙම තෙල්බිම් අක්‍රියවීමට හේතුවයි.

ඊට අමතරව හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කරන වෙළෙඳ නෞකාවලට පහරදීමෙන් නෞකා ප්‍රවාහනයට එල්ල වන තර්ජනය ද තෙල් මිල ඉහළ යාමට බලපා තිබේ.

ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර උත්සන්න කිරීම සහ ලෙබනනයේදී හමාස් නියෝජ්‍ය ප්‍රධානියා ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම ද තෙල් මිල ඉහළ යාමට බලපා ඇති කරුණු අතර වේ.

ඔපෙක් හෙවත් තෙල් අපනයන කරන රටවල සංවිධානයේ සාමාජිකයෙකු වන ඉරානයේ ජීවිත හානි රැසක් සිදුකරමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරය ද තෙල් මිල ඉහළ යාමට බලපා ඇති තවත් හේතුවකි.

මේ ආකාරයේ විවිධ හේතූන් මත බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඩොලර් 79කට ආසන්න වූ අගයකින් වන අතර අමෙරිකානු WTI තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 73ක් ලෙසය.

මෙලෙස තෙල් මිල ඉහළ ගියත් පසුගිය වසර 2ක කාලය සැලකූවිට දැකිය හැක්කේ මිල ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවකි.

2022 වසරේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 101ක් ලෙස පැවති අතර, 2023 වසරේ සාමාන්‍යය ඩොලර් 83කි.

ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතාවන් මෙන්ම ඔපෙක් සාමාජිකයන් නොවන රටවල නිෂ්පාදනය ඉහළයාම මීට හේතුවක් ලෙස සැලකේ.

ඔපෙක් ප්ලස්, ඒ කියන්නේ සෞදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් රටවල් සහ ඒ හා එක්වූ රුසියාව ඇතුළු රටවල්, නිෂ්පාදනය කප්පාදු කොට මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ උත්සාහක නිරත වේ.

එහෙත් අමෙරිකා එක්සත් ජනපදයේ සහ අනෙකුත් ඔපෙක් නොවන රටවල නිෂ්පාදනය ඉහළයාම නිසා තෙල් මිල කැපී පෙනෙන ලෙස වැඩිවීමක් සිදුව නැහැ.

ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කරන්නේ 2024 වසරේ ගෝලීය ආර්ථික දැක්ම දුර්වල මට්ටමක පවතින අතර තෙල් සඳහා ඉල්ලුම මෙන්ම මිල ගණන් අඩු මට්ටමක පැවතිය හැකි බවය.

තෙල් නිෂ්පාදනය සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් භූ දේශපාලනික වශයෙන් වැදගත්ම කලාපය වන මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් පැවතුන ද තෙල් මිල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර නැහැ.

පසුගිය ඔක්තෝබරයේ ඊශ්‍රායල - හමාස් ගැටුම ආරම්භවීමත් සමග තෙල් මිල ඉහළ ගිය ද, මාසයක් ඇතුළත එහි සමනයවීමක් දක්නට ලැබුණි.

ඇත්තෙන්ම හමාස් ප්‍රහාරයට පෙර 2023 වසරේ සැප්තැම්බරයේ බැරලයක් ඩොලර් 98ක් දක්වා ඉහළ ගිය ජාත්‍යන්තර බොරතෙල් සලකුණු සන්නාමය වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් නැවතත් එම මිල කරා ළඟා වූයේ නැහැ.

එමෙන්ම මැදපෙරදිග ඉතා බරපතළ අවදානමක් මතු නොවුණහොත් 2024 වසර තුළ ද තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ නොයනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

-දෙරණ

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us