වසර 50 කට අධික කාලයක් හමුදා පාලනය යටතේ පැවති මියන්මාරයේ කාන්තාවන්ට රූ රැජිණ තරග සදහා ඉදිරිපත් වීමට පවා අවසර ලැබුනේ 2012 දීය.ඉන් වසර දෙකකට පසු මයිට් නෝඒ ආසියානු පැසිපික් රූ රැජිණ තරගයට ඉදිරිපත්ව ඉන් ජය ලැබීය.
මෙම ජයග්‍රහණය සංකේතවත් කරමින් අදාළ තරග සංවිධායකයින් විසින් ඇය කිරුළු ගන්වා තිබේ.මෙහිදී ඇමරිකානු ඩොලර් 100000 ක පමණ වටිනාකමකින් යුත් ඔටුන්නක් ඇයට පළදවා තිබේ.මීට අමතරව මෙම තරගය සදහා අනුග්‍රාහකයින් විසින් ලබාදුන් ඩොලර් 10000 ක් පමණ වටිනා පියයුරු වර්ධක කිහිපයක්ද ඇය විසින් ආපසු භාරදී නොමැති බව වාර්තා වෙයි.
රූ රැජිණ තරග වලදී කිරුළ පැළදීම සංකේතවත්ව සිදුවන බවත් පසුව එම කිරුළ අදාල සංවිධායක ආයතනය විසින් ලබා ගන්නා බවත් එය ඊළග වසරේ ජයග්‍රාහිකාවට පිරි නැමීමත් සාමාන්‍ය පිළිවෙත බවත් එම සංවිධායකයෝ පවසති.නමුත් මෙම තරුණිය ඒවා කිසිවක් යළි භාර නොදී පළා ගොස් තිබේ.
මේ නිසා ඇය රූ රැජිණ කිරුළෙන් පහ කර ඇති අතර අදාල එම රූ රැජිණ තරගයේ නිල වෙබ් අඩවියේ ඇයගේ රූපය කළු පාටින් වසා දමා කිරුළින් පහ කළ බව සදහන් කර තිබේ.