පසුගිය සැප්තැම්බර් පළමු වැනි දින සහ දෙවන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණු අතර අදාළ ධීවරයින් සහ යාත්‍රා නිදහස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස බලකරමින් ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු කළේය.
තවද නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමුකරමින් සුබ්‍රමනියම් සාමි ද සඳහන් කර ඇත්තේ අදාළ ධීවරයින් පැමිණි යාත්‍රා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරියට සහ ඩි.එම්.කේ.පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ටි.ආර්.බාලුට අයත් බවය.
මේ අනුව සුබ්‍රමනියම් සාමි විසින් සිදුකර ඇති එම ප්‍රකාශයෙන් තමාට අපහාස වී ඇති බව චෝදනා කරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඊයේ08 මෙම නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.