සියෙරා ලියොන්, ලයිබීරියාව සහ ගිනියාවේ මෙම රෝගය දරුණු ලෙස පැතිරී යමින් පවතින අතර මෙම සතිය අවසන් වනවිට ආසාධිතයන් 9,000 ඉක්මවා යා හැකි බව ඔවුන් සඳහන් කරයි.
ඉබෝලා ආසාදනය වූ ඇමෙරිකානු සෞඛ්‍ය සහන සේවකයන් 76 දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇත.ඊට අමතරව රෝගයට ගොදුරු වූ එක් ඇමෙරිකානුවෙකුද මියගිෙය්ය.
මේ වනවිට පුද්ගලයන් 8,914ක් වෛරසයට ගොදුරු වී ඇති අතර 4,447ක් මියගොස් තිබේ.
ඉබෝලා වෛරසය මර්දනය කිරීම සඳහා කැනඩාව ඖෂධයක් අත්හදා බලා තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍ය රොනා ඇම්බෝස් සඳහන් කරන්නේ වෛරසය ආසාදනය වී තිබෙන පුද්ගලයෙකුට එම ඖෂධය එන්නත් කළ බවය.
අවස්ථා කිහිපයකදීම සතුන් යොදාගෙන එ් සඳහා විවිධ පරීක්ෂණ සිදුකරනු ලැබ ඇත.
ලෝකයේම ආන්දෝලනයට ලක්ව තිබෙන ඉබෝලා වෛරසය මර්දනය කිරීමේ නව බලාපොරොත්තුවක් වියහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.