ජාත්‍යන්තර වෙළදපළේ තෙල් මිලට සාපේක්ෂව ඉන්දියාව මෙලෙස තෙල් මිල සංශෝධනය කරනු ලබයි.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක් ඉන්දීය රුපියල් දෙකයි ශත හතලිස් එකකින් අඩු වී ඇති අතර නව මිල ඉන්දීය රුපියල් 64යි ශත 25කි. ඞීසල් මිල රුපියල් දෙකයි ශත විසි පහකින් අඩු කිරීමෙන් පසු නව මිල වන්නේ රුපියල් 53යි ශත 25කි. ඒ සමඟම එල්.පී. ගෑස් මිල ද අඩු කර ඇති අතර කිලෝග්‍රෑම් 14.2ක ගෘහස්ත සිලින්ඩරයක නව මිල ඉන්දීය රුපියල් 865කි.
ඉන්දියාව මෙලෙස තෙල් මිල අඩු කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයෙන් පසු හය වන වතාවටයි.