ඇය මේ බව ප‍්‍රකාශ කලේ බීබීසී ගුවන් විදුලිය සමග සංවාදයකට එක්වෙමිනි. තමන් දේශපාලනයට කැමැත්තක් දක්වන බවත්, පකිස්ථාන ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරන බවත් මලාලා මෙහිදී ප‍්‍රකාශ කළාය.
පාකිස්ථානයේ දැරියන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම ද තම අපේක්ෂාවක් බව මලාලා මෙහිදී කියා සිටියේය. එරටින් ත‍්‍රස්තවාදය තුරන් කිරීම ද තමන්ගේ සිහිනයක් බව මලාලා අවධාරණය කර අැත.
අැය තාලිබාන් වෙඩි ප්‍රහාරයට ගොදුරුවූ අවස්‌ථාවේ පැළඳ සිටි ඇදුම නෝර්වේහි නොබෙල් සාම මධ්‍යස්‌ථානයේ ප්‍රදර්ශනය කර ඇත.
මෙම ඇඳුම වීදුරු කූඩුවකින් ආවරණය කර අැති අතර එහි ලේ පැල්ලම් රැසක් දක්‌නට ලැබේ.