ඒ, ජනාධිපති ඊවෝ මොරාලේස් කළ චෝදනාවකට අනුවය.
ජනාධිපතිවරයා කියා සිටියේ එරට හමුදා සෙබලූන්ගෙන් බහුතරයක් අධික තරබාරු අය වන අතර ඔවුන් සිය තනතුරුවලට මෙන්ම උසස්වීම්වලට නුසුදුසු පුද්ගලයන් බවය.
එමෙන්ම බොලිවියානු පොලීසිය එරට පොලිස් නිලධාරීන් තම බර අඩුකරගන්නා තුරු නිල ඇඳුම් ඇදීම තහනම් කර ඇත. කෙසේ නමුත් එලෙස නිල ඇඳුම් ඇඳීම තහනම් වූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් රාජකාරි කරද්දී ලා-පාස් අගනුවර ආසන්නයේ සොරුන් කණ්ඩායමක් අල්වාගත් පුවතක්ද වාර්තාවේ.