වෛද්‍ය සිසුවියක වන ඇය ඊයේ (14දා) ලන්ඩනයේදී නිමාව දුටු 64 වැනි ලෝක රූරැජින තරගබිමේ අභිසෙස් ලැබුවේ පසුගිය වසරේ කිරුළ දිනූ පිලිපීන රූ රැජින අතිනි.
මෙවර තරගාවලිය සඳහා පැමිණි බොහෝ රූමතියන් රුවෙන් මෙන්ම බුද්ධියෙන්ද අගතැන්පත් වූවන් වූ අතර, ඔවුන් සියලුදෙනා පාහේ උපාධිධාරීන් වූබව මාධ්‍ය වාර්තාකර සිටියි. මෙහි දෙවන ස්ථානය හංගේරියානු රූ රැජින වූ එඩීනා හටත්, තෙවන ස්ථානය ඇමරිකානු රූරැජිනවූ එළිසබෙත් හටත් හිමිවිය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ චුලක්ෂි රණතුංගයි.