skype ලොවට හඳුන්වා දුන් මයික්‍රොසොෆ්ට් ආයතනය කටහඬ පරිවර්තනය කිරීමේ නව තාක්ෂණයක් හඳුන්වා දීල තියනවා.
මෙම නව තාක්ෂණය මඟින් ඔබට පුළුවන් ඔබ කැමති භාෂාවකින් සංවාදයේ යෙදෙන්න. අනික් පස සිටින පුද්ගලයාට එම භාෂාව තේරෙන්නේ නැත්තම් ඔහුට පුළුවන් සංවාදයේ යෙදෙන අතරම එය පරිවර්තනය කර සවන් දෙන්න.
ඒවගේම ඔවුන් සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහාද මෙම සේවාව හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා.
ඉදිරි වසර දෙක ඇතුලත මෙම තාක්ෂණය හරහා ඔබට කැමති භාෂාවකින් ඕනෑම රටක පුද්ගලයෙක් සමඟ සන්නිවේදනයේ යෙදෙන්න පුළුවන් වේවි.