මෙලෙස සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයන් සිවු දෙනාම මියගියත් මෙම වයස අවුරුදු 7ක දැරිය නිරුපද්‍රිතව බේරී ඇති බවයි පැවසෙන්නේ.
එරට ෆෙඩරල් ගුවල් පාලක ඒකකයට අනුව පී.ඒ.-34 මාදිලියේ සැහැල්ලු ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් පවතින බව නියමුවා අවසන්වරට පැවසීමෙන් පසු යානය රේඩාර් තිරයෙන් අතුරුදන්ව තිබෙනවා.
යානයේ කඩා වැටී අනතුරට පත්වීමෙන් පසු එම දැරිය කෙන්ටකි ප්‍රාන්තයේ නිවසක් වෙත ඇවිද ගොස් සිද්ධිය පවසා ඇති බවයි පැවසෙන්නේ.
සිද්ධිය පිළිබඳව විස්තර කරමින් මාධ්‍ය පෙන්වා දෙන්නේ දැරිය රෝහල් ගත කළත් ඇයට සුළු තුවාලයක් හැර ජීවිතයට තර්ජනයක් වන තුවාලයක් නොවීම පුදුමයක් බවයි.