මින් පෙර මැතිවරණයට වඩා ආසන 22ක් ජය ගැනීමට මෙවර ඔවුන්ට හැකි වුයේය.
එම පක්ෂයේ මාධ්‍ය සාකච්චාවක් පසුගිය දින පැරීසියේ පැවැත් වීමට සැලසුම් කර තිබුණි. කාන්තා හඬ වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන උඩුකය නිරුවත් කාන්තාවෝ එම සාකච්චාවට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම හේතු කොට මාධ්‍ය සාකච්චාව අවලංගු කිරීමට සිදු වුයේය.
පක්ෂයේ ප්‍රධානි මරී ලෙෆෙන් මහත්මිය දැඩි විවේචනයට ලක් කරමින් ''ඒකාධිපති ජාතිවාදියා'', ''ජාතිවාදි වසංගතය පතුරු වන්නා'' යනුවෙන් සටන් පාඨ ශරීරය මත සටහන් කළ හිට්ලර් පන්නයේ උඩුරැවුල සංකේතවත් කළ උඩුකය නිරුවත් කාන්තාවෝ 24 දෙනෙක් මෙම උද්ඝෝෂණයට සහභාගිවී සිටියෝය.
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)