ඒ අනුව චීන දෙමාපියන්ට දරුවන් දෙදෙනෙකු හදා ගැනීම සඳහා අවසරය ලැබීමට නියමිතයි.
චීනයේ දැනට පවතින නීතිය අනුව දෙවැනි දරුවා හදා ගැනීමට අවසර ඇත්තේ මව සහ පියා ද සිය පවුලේ එකම දරුවා වී සිටියා නම් පමණයි.
චීන අගමැතිවරයා පවසන්නේ එම නීතියේ හොඳ නරක මැන බැලීමකට ලක් කළ බවයි.
ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ගේ උපත් වැඩි වශයෙන් සිදු වීම වැනි සමාජ ගැටළු පැන නැගීමට චීන පවුල් සැලසුම් නීතිය හේතු වී තිබෙන බව වාර්තා වේ.