ඒ පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවකදී එරට අග්‍රාමාත්‍ය හබීබ් එසීද් සඳහන් කර ඇත්තේ ටියුනිසියා වැසියන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් පිරිස අතරවන බවයි.
ප්‍රහාරයෙන් ජපාන වැසියන් 5දෙනෙකු, ඉතාලි වැසියන් සිව්දෙනෙකු, කොලොම්බියාවෙන් පැමිණි සංචාරකයින් දෙදෙනෙකු, ස්පාඤ්ඤ වැසියන් දෙදෙනෙකු , ප්‍රංශ ජාතිකයෙකු, පෝලන්ත ජාතිකයෙකු සහ ඔස්ට්‍රේලියා ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
තුවක්කු කරුවන් දෙදෙනෙකුද මියගොස් ඇති අතර ප්‍රහාරයෙන් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නොමැත.