එහෙත් සහනාධාර බෙදා දීම විධිමත් ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වීම පිළිබඳව නේපාල රජය දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.
භුමි කම්පාවෙන් දිවි බේරා ගෙන සතර වෙනි දිනයටත් හිසට සෙවනක් නොමැතිව කත්මන්ඩු නගරයේ සුන් බුන් අතර එළිමහනේ රැය පහන් කරන, දස දහස් ගණනක් පිරිස සහනාධාර බෙදාහැරීමේ අවිධිමත් බව පිලිබඳව කෝපයට පත් ව පොලීසිය සමග ආරවුල් ඇති කර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
ඈත පළාත්වල සිටින තම නෑ හිතවතුන් වෙත යාමට බස් රථ වලට නැග ගැනීමට උත්සාහ ගන්නා පිරිස් අතර ද පොර බැදීම් හේතුවෙන් ආරවුල් හටගන්නා බව පැවසේ.
මේ වන විට 5000 කට වැඩි පිරිසක් මේ භුමි කම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවද 10,000 ඉක්මවයි. එකසත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවන්ට අනුව තවත් 70,000කට පමණ නිවාස අහිමි වී ඇත.