ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතනයන් කෲර සහ අනවශ්‍ය ඒවා බැවින් විරෝධය පෑමක් වශයෙන් එරට ඉන්දුනීසියානු තානාපතිවරයා නැවත කැඳවීමට තීරණය කොට ඇති බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන පුද්ගලයන් 08 දෙනෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබේ. ඒ අතර ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ නයිජීරියානු ජාතිකයන් එහි සිටින බව වාර්තා වේ.
මරාදැමුණු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන ඇන්ඩ්රූ චැන් නැමැත්තා සිරගෙයිදී තම පෙම්වතිය සමළු පසුගියදා විවාහ වී ඇත.