ඉස්තාම්බුල් පොලිසිය පවසන්නේ රැළියට සහභාගී වූවන් විරෝධතා හෝ රැළි පැවැත්වීම රජය විසින් තහනම් කර තිබෙන ටක්සීම් චතුරශ්රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ බවයි.
විරෝධතා කරුවන් විසින් ගිනි කෙලි සහ බෝතල් වලින් පොලිසියට පහරදී ඇතැයි වාර්තා වේ. මෙම විරෝධතාව තුර්කි රජය විසින් පසුගිය මාර්තු මාසයේදී පොලිස් බලතල වැඩි කිරීමේ නීතියෙන් පසු ක්රියාත්මක වූ දැවැන්තම මහජන විරෝධය ලෙස සැළකේ.