සනීපාරක්ෂක තුවා ඇඳ ඉන්දියාව වෙනස් කළ මිනිහෙක්

Published in විදෙස්
Wednesday, 30 July 2014 21:53

සනීපාරක්ෂක තුවා මගින් ඉන්දියාවම වෙනස් කළ අපූරු මිනිසෙක් පිලිබඳ පුවතක් විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. ඉන්දීය පුරවැසියෙකු වන මුරුගනාදම් වෘතියෙන් කාර්මික ශිල්පියෙකි. ඔහුගේ බිරිඳ සනීපාරක්ෂක තුවා සඳහා මුදල් වියදම් නොකොට එම අවශ්‍යතාවය සපුරාගැනීමට පාන්කඩ යොදාගන්නා දුටු මුරුගනාදම් අඩු වියදමකින් සිය බිරිඳට සනීපාරක්ෂක තුවායක් සාදා දිය හැකි ක්‍රමයක් පිළිබඳව සොයා බලා ඇත.

මෙසේ සොයා බැලීමද ඔහුට දැනගැනීමට ලැබී ඇත්තේ ඉන්දියාවේ වෙසෙන බොහෝ කාන්තාවන් තම ඔසප් කාලය තුල සනීපාරක්ෂක තුවා පැළඳීම වෙනුවට පාන්කඩ, පැරණි පුවත්පත්, අළු පවා යොදාගෙන ඇති බවයි.

ඔවුන් එසේ සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමට තරම් වත්කමක් නොමැති හෙයින් ඔවුන් එවන් සෞඛ්‍යාරක්ෂික නොවන උපක්‍රම භාවිතාකොට තිබුණි.ඉන්දියාවේ මෑතකාලීනව සිදුකල සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ඉන්දියාවේ වෙසෙන කාන්තාවන්ගෙන් 81% වැඩි ප්‍රමාණයක් සනීපාරක්ෂක තුවා වෙනුවට සෞඛ්‍යාරක්ෂිත නොවන විවධ ක්‍රම භාවිතා කරන බවයි. එමෙන්ම ඒවා භාවිතා කිරීම තුලින් විවිධ ලෙඩ රෝග, පිළීකා මෙන්ම මරණය පවා සිදුවිය හැකි බව සොයාගෙන තිබේ.

කාන්තාවන් සඳහා අඩු වියදමකින් සනීපාරක්ෂක තුවා ලබාදීම සඳහා මුරුගනාදම් අවරුදු පහක් පරීක්ෂණ පවත්වා තිබේ. මේ කාලය තුල සමාජය තුල ඔහු මානසික රෝගියෙකු ලෙස හංවඩු ගැසී ඇති අතර ඔහුගේ බිරිඳද ඔහුව හැරගොස් තිබේ. කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා කාමරය පුරා තිබෙන දුටු ඔහුගේ මවද ඔහුට නොසෑහෙන ලෙස බැන වැදී තිබුණි.

මේ සියල්ල අතරේ සිදුකල පරීක්ෂණ ඔස්සේ ඔහු සොයාගත් අඩු මිල සනීපාරක්ෂක තුවා පරික්ෂා කරගැනීමට කාන්තාවක් සොයා ගැනීමට නොහැකිවී ඇත. කාන්තාවක් සොයාගැනීමට නොහැකිවූ තැන මුරුගනාදම් විසින් කරනු ලබන්නේ කාන්තා සනීපාරක්ෂක තුවා තමා විසින්ම පැළඳ ඒවා පරීක්ෂා කර බැලීමයි. එම පරීක්ෂණ සාර්ථක වී ඇතිඅතර අඩු මිලකින් සනීපාරක්ෂක තුවා නිපදවිය හැකි තාක්ෂණයක් හා යන්ත්‍රයක් නිපදවීමට ඔහු සමත්වී තිබේ.

මේ වනවිට ඔහුගේ එම අඩු මිල විසඳුම ලොව පුරා ප්‍රචලිත වී තිබේ. සනීපාරක්ෂක තුවා තාක්ෂනය හා යන්ත්‍රය ඔහු විසින් ඩොලර් 1500 මිලකට ඉන්දීය ග්‍රාමීය සමිති වෙත විකුණනු ලබයි. ඔහුට මෙම තාක්ෂනය වාණිජ මට්ටමින් ඉහල මිලකට විකුණා කෝටිපතියෙකු වීමට තුබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කොට සහන මිලට ග්‍රාමීය කාන්තාවන් සඳහා ලබාදීමට කටයුතුකොට ඇත. පසුගියදා ඉන්දියාවේ පැවති සම්මාන උළෙලකදී ඉන්දියාව වෙනස් කල පුද්ගලයන් සිව් දෙනෙකුට සම්මාන පිරිනැමුණු අතර ඉන්දීය අගමැති මෝදී, කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්භානි අතුරින් මුරුගනාදම්ටද සම්මාන හිමිවී තිබේ.

ඉන්දීය ග්‍රාමීය සමිති විසින් ගෘහස්ත කර්මාතශාලා තුල මුරුගනාදම්ගේ තාක්ෂනය ඇසුරින් අඩුමිල සනීපාරක්ෂක තුවා නිපදන අතර ඒවා සහන මිලට ඉන්දියානු කාන්තාවන් වෙත ලබාදීමද සිදුකරනු ලබයි.

දැනට මුරුගනාදම් විසින් නිෂ්පාදනය කරන ලද සනීපාරක්ෂක තුවා නිපදවන යන්ත්‍ර 647 ඉන්දියාවේ ප්‍රාන්ත 23 ක භාවිතා වන අතර එයට අමතරව තවත් රටවල් හයකටද එම තාක්ෂනය හඳුන්වා දී ඇත. ඔහුගේ මෙම සොයාගැනීම සම්බන්ධව තවත් රටවල් 112 ක් උනන්දුවෙන් පසුවන බවද වාර්තා වේ.

(නෙත් එෆ් එම්)

මුරුගනාදම් ගේ කතාව බලන්න පහතින්

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us