ගෝඨා ඉවරයි.. සිරිසේන ජනාධිපති අපේක්ෂකයා.. සැලසුම සාර්ථකයි. Featured

Published in පුවත්
Saturday, 06 July 2019 00:31

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නැවත වරක් ජනාධිපතිධුරාපෙක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමට මාන බැලුවේ ඊයෙක සිට නොවේ .ජනාධිපතිධුරයට පත්ව කෙටි කලකින්ම ඔහු සැලසුම් කළේ දෙවනවරටත් ජනාධිපතිධුරයෙහි කටයුතු කිරීම ගැනය.

පසුගිය කාලයේ පිස්සු විකාරයෙන් මෙන් ඇතැම් කටයුතු සිදු කරනු ලැබූවද ඔහුගේ මුලිකම අරමුණ මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රයණය කිරීමය. පසුගිය පලාත්පාලන මැතිවරණයෙන් ශ්‍රීලනීපයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව සිරිසේන අධෛර්යමත් කිරීමට හේතු වූවා මෙන්ම රාජපක්ෂ හිතවාදීන් ශ්‍රීලනීපය දෙකඩ කර පොදුජන පෙරමුණ ගොඩ නැගීමද සිරිසේනගේ අරමුණු වලට බාධාවක් විය. රාජපක්ෂ කණ්ඩායමේ සහයෙන් මිස තමන්ට තව දුරටත් දේශපාලනයේ යෙදිමට වෙනත් සහයක් නැති බව ඉදුරා පැහැදිලි වීමෙන් පසුව එවකට නිත්‍යානුකූල අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද රාජපක්ෂට අගමැතිධුරය ලබා දුන්නේද ජනාධිපති සිහිනය වෙනුවෙනි.

එහෙත් සිරිසේනව තමන්ගේ නායකයා ලෙස පිළිගැනිමට පොහොට්‍ටු පාක්ෂිකයන් එකඟ නොවීම සහ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම මත එම සන්ධානය දෙදරීමට ලක් විය. එහෙත් තව දුරටත් එක්ව වැඩ කිරීම සඳහා දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීය. රාජපක්ෂවරුන්ට එදිරිව තිබෙන නඩු හබ දඩමීමා කරගෙන මේ එකඟතාවයකට ඒම සිරිසෙන පාර්ශ්වයේ උත්සාහය විය.

එහෙත් රාජපක්ෂ පාර්ශ්වයේ ගොඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා සියලු කටයුතු සූදානම වෙමින් පැවැතීම සිරිසේනගේ ආශාව කඩාකප්පල් වන තැනට පත් විය.

මීට දින දෙකකට පෙර ශ්‍රි ලනීපය හා පොහොට්‍ටු කණ්ඩායමේ සාකච්ඡාවකින් පසුව මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ පක්ෂ දෙක එක් කර ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් පිහි‍ටුවන බවය. එනම් එළඹෙන ජනාධිපතිවරණයේ අපෙක්ෂකයා ලෙස සිරිසේන එම පක්ෂයෙන් ඉදිරිපත් වන බවට ඉඟියකි. එහෙත් පක්ෂ දෙක එක් කිරීමේ එකඟතාවයක් සිදුව තිබුණේ නැත. පොහොට්‍ටුවේ කණ්ඩායම් ඒ බව සපත කෙරීය. ඊට පහුවදා එනම් ඊයේ නීතිපතිවරයා පොලීසියට උපදෙස් දි තිබුණේ ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 8 දෙනකු අත් අඩංගුවට ගන්නා ලෙසය. එම සිදුවීමේ ප්‍රධාන චූදිතයා වන ගොඨාභය ගැන සඳහනක් නොවූවද මෙහි අරමුණ වූයේ ගෝඨා ජනාධිපතිධුර අපෙක්ෂකයා ලෙස පැමිණීම වැලැක්වීමය.

නීතිපතිවරයාගේ මෙම නියෝගය ඉදිරිපත් වීමට පෙර ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සෙනාධිපති ඇතුළු පිරිසක් (03 වනදා) සිංගප්පුරුව බලා ගොස් සිටියේ ලබන සතියේදී ගෝඨාව ජනාධිපතිධුරා අපෙක්ෂකයා ලෙස මෙරටට රැගෙන එ්මේ කටයුතු සම්පාදනයට බව එම පාර්ශ්වයේ දේශපාලන ආරංචි මාර්ග පවසා සිටියත් නිශ්ශංකලා ගියේ ඉහළම දේශපාලන සම්බන්ධතාවයක අනුදැනුම මත පණිවිඩයක් රැගෙනය. ඒ ගෝඨා ජනාධිපති ධුරයට ඉදිරිපත් නොවිය යුතුය කියන පණිවිඩයයි. මෙම පිරිස අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව මෙමෙ පිරිස කලින්ම දැනුවත්ව සිටි බවද දැන ගැනීමට තිබේ.

කොහොම නමුත් සිරිසේනගේ සැලසුම මේ වන විට සාර්ථකය. ගොඨා නීතියට බියෙන් පැනගොස් සිටින්නෙකි. අත් අඩංගුවට ගැනීමේ පැහැදිලි අනතුරක් තිබිය්දී ඔහු කිසි ලෙසකින්වත් ඊට අභියොග කරන්නෙ නැත. එසේම ඉදිරි දින කිහිපයේදී රාජපක්ෂ පවුලේ අනෙක් චූදිතයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට නියමිතව තිබේ. මෙ සියල්ල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන සැලසුම් මිස සත්‍ය ලෙසම නීතිය ක්‍රියාත්මක වීමක් නොවන බව අවධාරණය කළ යුතුය. එම තත්වයන් හමුවේ රාජපක්ෂ පාර්ශ්වයට සිදුවන්නේ ජනාධිපති සටනින් ඉවත් වන්නටය. සිරිසේන හා සංධාන ගතවී ඔහුව දිනවනවා හැර ඔවුන්ට වෙන විකල්ප ඉතිරි නොවේ.

ශ්‍රීලනීපයත් පොහොට්‍ටු පක්ෂයත් පසුගිය පලාත්පාලන මැතිවරණයේදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාවේ එකතුව සිරිසෙනට ජනාධිපති පු‍ටුව යළි රැක ගැනීමට ප්‍රමාණණවත්ය. එක්සත් ජාතික පක්ෂය කවර අපෙක්ෂකයකු ඉදිරිපත් කළත් එම ඡන්ද සංඛ්‍යාව අභිබවා යැම අතිශය අසීරු බව පැහැදිලි කරුණකි..එසේ නොවන්නට නම් යම් දේශපාලන කැලඹීමක් මත සියල්ල වෙනස් විය යුතුය. එජාපයට ඒ සිදුකිරීමට ඇති හැකියාව මත ඔවුන්ගේ ජයග්‍රහණය ලැබෙණු ඇත. සජිත් ප්‍රේමදාස තමන්ගේ ජනප්‍රියතම අපේක්ෂයා ලෙස මේ වන විට කරලියට ගැනීමට මංගල සමරවීම පුමුඛ කණ්ඩායමක් ඉදිරිපත්ව තිබුණද එය සිරිසේනට අභියෝගයක් නොවේ..යම් හෙයකින් ගොඨාභය ඉදිරිපත් වන තත්වයකදී සජිත් ප්‍රෙමදාසට අවස්ථාවක් ලැබීමේ ඉඩ කඩක් තිබිණි. එහෙත් එය සිරිසේන විසින් මේ වන විට නැතිකර තිබේ.

Last modified on Saturday, 06 July 2019 00:37

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us